අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලනිකයි - විදේශ අමාත්‍ය

    මාර්තු 20, 2021

    බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කීපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.


    ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අද විදේශ අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවයි.

    පසුගිය කාලය පුරාවට අප රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කළා. මේ පිළිබඳව අප අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. අපේ ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක්‍රියාත්මක කරන්න අය-වැයෙන් මුදල් වෙන් කර දී තිබෙනවා එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ ගැන නොසළකා හැර නැවත නැවත අපට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බව ද අමාත්‍යවරයා කීවේය.

    අපිට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කරන්න අපි උත්සහා ගන්නවා. ඒ සඳහා අපට මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මෙවර ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

    file photo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya