අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

    මාර්තු 19, 2021

    බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

     

    UL 189 ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත්වූහ.

    මෙම දෙදින නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සර සැමරුමට එක්වීමට නියමිතය.

    බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කළ “මුජිබ් වර්ෂය” (Mujib Year)ට අදාළව අද දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් පවත්වනු ඇත.

    මෙම නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය,බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවලට එක්වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya