අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්කිස්සට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමට පියවර

    මාර්තු 19, 2021

    ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි පවතින අවශ්‍යතා සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක (17 ) දින නිරතවු ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා
    අධිකරණයේ විනිසුරුවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත විය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

    මේ වසරේ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සදහා රුපියල් බිලියන 20 ක් වෙන් කර ඇති බවත් අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේදී අදාළ අධිකරණයේ විනිසුරුවරුන් නීතිඥ සංගමයේ සාමාජිකයින් සමග ද සාකච්ඡා කර සංවර්ධන කටයුතු කළ යුතු බවත් එකී සංවර්ධන ක්‍රියාදාමය අවසන් වන තෙක් ඔවුන්ගේ අදහස් ලබා ගත යුතු බවත් සදහන් කළේය.

    වසර හතරක් තුළ සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කිරීම සදහා වු වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවත් නවීණ තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවත් ඉදිරියේදී තවදුරටත් විනිසුරුවරුන් මෙන්ම අධිකරණයේ ධාරිතාව වැඩි කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    නඩු ප්‍රමාදය අවම කර අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී එය අවම වශයෙන් ඉදිරි වසර 30 සරිලන පරිදි සැළසුම් කළ යුතු බවත් මේ සියල්ලෙහි අවසානයෙහි ප්‍රතිඵලයන් පොදු ජනතාව වෙත ගලා ගෙන යා යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

    මුල් අදියර යටතේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි ගොඩනැගිලිවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන බවත්, ඉදිරියේදී නව අධිකරණ සංකීර්ණයක් ගල්කිස්ස අධිකරණ
    පරිශ්‍රය තුළ ඉදි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ .මායාදුන්නේ මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගල්කිස්ස නීතිඥ සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya