අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වැඩ වර්ජනය අවසන් - ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ

    මාර්තු 18, 2021

    අද පෙරවරුවේ දුම්රිය සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය මධ්‍යහ්න 12.00 න් අවසන් වූ බව ප්‍රවාහන ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ දී දුම්රිය සේවක වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ දුම්රිය වර්ජනය සම්බන්ධව පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    දුම්රිය සේවක වෘත්තීය සමිති සාමාජිකයින් හා පවතින මෙම ගැටළු තමන් සිය අමාත්‍යධුරය භාරගැනීමටත් පෙර සිට පැවති ගැටළු වන බවත් කියා සිටි හෙතෙම
    ඒවාට විසඳුම් ලබා දිය යුතු බව ද අවධාරණය කළේය.
    එමෙන්ම, දුම්රිය රියදුරන් අතින් දුම්රිය ධාවනයේ දී සිදුවන වැරදි සඳහා සිදු කළ දඩ මුදල් ගෙවීම් සම්බන්ධව අධ්‍යනයක් කොට ඒවා නිසියාකාරව සිදු කිරීමට අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ කමිටුවක් පත් කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා කියා සිටියේය.
    ඒ අනුව, ඉදිරි කාලයේ දී ද ඇතිවන ගැටළු පිළිබඳව සුහදව සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya