අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වසර තුළ මෙරට සියලු නිවෙස් වෙත විදුලි ලබා දී අවසන් කරනවා- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    මාර්තු 10, 2021

    රටේ ජනතාවගේ මූලික අයිතියක් ලෙස විදුලිය පිළිගෙන සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙන බවත්, මේ වසර තුළ මෙරට සියලු නිවෙස් වෙත විදුලි ලබා දී අවසන් කරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ අනුරාධපුර, ඉපලෝගම පල්ලේකාගම වැව ප්‍රථිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින්ය. දීර්ඝ කාළයකින් ප්‍රථිසංස්කරණය නොකෙරුණ පල්ලේකාගම වැව, රොන් මඩ හා පාසී පිරී අවභාවිතයට ලක්වී තිබූ අතර, රුපියල් මිලියන 18 ක වියදමින් මෙලෙස වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා:

    මේ වසර තුළ 100% ක් ලංකාවේ විදුලිය ලබා දී අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ අනුව සිංහල-හින්දු අලුත් අවුරුද්දට කලින් දැනට තමන්ගේ ගමට, තමන්ගේ නිවස ඉස්සරහට විදුලිය ඇවිල්ලා සම්බන්ධතාවය ලබා නොගත් කවුරු හරි ඉන්නවා නම්, කණුවක් දෙකක් දාලා විදුලිය ලබා ගත යුතු කෙනෙකේ ඉන්නවා නම් අපි සිංහල අවුරුද්දට කලින් ඒ සියලු දෙනාටම නොමිලේ විදුලිය අපි ලබා දෙනවා.සම්බන්ධතාවය ලබා දෙන්න අය කරන රුපියල් 15 000 ක මුදල අපි අය කරන්නේ නෑ,ඒ වගේම එක් පුද්ගලයකුට වියදම් කරන මුදල ලක්ෂ 3 ½ වෙන්න පුළුවන්, ලක්ෂ 05 වෙන්න පුළුවන් කණු ගණන අනුව නෙමෙයි අපි තීන්දු කරන්නේ අපි ප්‍රථිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා දැන් රජයේ වගකීම වෙන්න ඔ්න, සෑම නිවසක් ඉදිරිපිටම කණුවේ විදුලිය තියෙන්න ඔ්න කියන එක. මේ සඳහා රජයට රුපියල් මිලියන 1 500 ක් පමණ වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ වියදම දරන්නේ ආණ්ඩුව,ආණ්ඩුව මේ බර-පැන දරන්න හේතුව තමයි, අපි මේ රටේ ජනතාවගේ මූලික අයිතියක් ලෙස විදුලිය පිළිගන්නවා.හැමෝටම විදුලිය තිබිය යුතුයි කියලා අපි පිළිගන්නවා.පිළිනොගෙනත් බෑ, දැන් එක්කෙනාට දුරකථන තුන හතර තියෙනවා.ඒවා චාජ් කර ගන්න ඔ්න, මම මේ ලඟදී නුවර ගියා ලයිට් නැති ගම්මානයකට ඒ අය කියනවා කරන්ට් එක නැතිව ටෝච් චාජ් කර ගන්න විදිහක් නෑලු,මම ඇහුවා බැටරි නැද්ද කියලා? නෑ අපි සේරම පාවිච්චි කරන්නේ චාජ් කරන ටෝච් කිව්වා.ඒ අනුව ඒ අයට ලයිට් දෙන්නත් කලින් චාජ් කරන්න පහසුකම් හදලා දුන්නා.

    ඒ අනුව විදුලිය කියන ඒක මූලික අයිතිවාසිකමක් විදිහට සලකලා අපි මේ වසර අවසන් වන විට ලංකාවේ සියලුම නිවෙස් වෙත විදුලිය ලබා දීමේ කටයුතු අපි අවසන් කරනවා.ඒ සඳහා යන සම්පූර්ණ වියදම ගමේ පාර- වැව හදන්න වියදම් කරනවා වගේම ආණ්ඩුව මුදල් වැය කරලා තමයි සෑම නිවසකටම නොමිලේ විදුලිය ලබා දෙන්නේ.විදුලිය නොමැති අය ඉන්නවා නම් තමන්ගේ නිවෙස වයරින් කර ගන්න, සමෘද්ධි පවුලක් නම් සමෘද්ධිය හරහා අඩු පොලියට ණයක් ලබා ගෙන ඒ කටයුතු කර ගත හැකියි.අනෙක් අයත් ණයක් ලබා ගෙන හෝ වෙනත් ක්‍රමයකින් හෝ නිවස තුළ වයරින් එක කරගන්න අපි සියලු දෙනාටම මේ වසර අවසන් වීමට පෙර විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා, 100% ක්ම විදුලිය තියෙන රටක් බවට මේ රට අපි පරිවර්ථනය කරනවා.

    ඒ වගේම සමෘද්ධි පවුල් ලක්ෂයකට අමතර ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් කිලෝ වොට් 05 ක සූර්ය බල පද්ධතියක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා, මේ වැඩසටහනත් කඩිනමින් අපි ආරම්භ කරනවා.ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරයේ පමණක් අසරණ, දුප්පත්, අහිංසක සමෘද්ධී පවුල් 2000 කට කිලෝ වොට් 05 ක සූර්ය පැනල සවි කරලා ඒ අයට අමතර ආදායමක් විදිහට මාසයකට රුපියල් 2000 ක 3000 ක ආදායමකුත් , තමන්ගේ ණය මුදල අවුරුදු 07 ක පස්සේ ගෙවි අවසන් වුනාම රුපියල් 10 000 කට වඩා වැඩි ආදායමක් ඒ පවුලක් වෙනුවෙන් ලබා දෙන වැඩසටහන අපි ආරම්භ කරනවා.


    ඒ වගේම ගමට බලාගාරයක් කියන ව්‍යාපෘතිය යටතේ බලාගාර 7000 ක් ලංකාව තුළ අපි නිර්මාණය කරනවා, ඒ සඳහා කැබිනට් අනුමැතියත් දැන් ලැබිලා තියෙනවා. ඒ ව්‍යාපෘතියත් කඩිනමින් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා, ඒ අනුව අපි අනුරාධපුරයේ පමණක් කුඩා බලාගාර 750 කට වැඩි ප්‍රමාණයක් අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිර්මාණය කරනවා.ඒ හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ගොවිතැනින් ආර්ථිකය ශක්තිමත් කර ගන්නවා වගේම බල ශක්තිය නිෂ්පාදනය හරහාත් කුඩා ව්‍යාපාරිකයෝ, ග්‍රාමීය ව්‍යාපාරිකයෝ බිහි කර ගැනීමේ අරමුණින් තමයි ගමට බලාගාරයක් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ,මේ අයුරින් විශාල වැඩකොටසක් අපේ අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙනවා.

    මීට පෙර සෑම ආණ්ඩුවකින්ම අපි කථා කලා වගේ නොවී , කථාවට වඩා ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ අමාත්‍යංශයේ පමණක් පහුගිය කාලයේ කුණු වලින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක් ආරම්භ කළා මීට සති කීපයකට කලින්, ගිය සතියේ අපි ආරම්භ කලා ඩීසල් වලින් තොරව, ද්‍රව වායු භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ මෙගා වොට් 350 බලාගාරයක් අපි ආරම්භ කලා, එය අපි තව අවුරුදු 03 ක් ඇතුළත අංග සම්පූර්ණව නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ හරහා තවත් විදුලි නිෂ්පාදනයට සිදු වන වියදම අඩු කර ගෙන විදුලි බිලට සහනයක් ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබෙනවා.ඒ වගේම තවත් මෙගා වොට් 150 ක බලාගාර 23 ක් සඳහා අවසර ලබා දීලා ඒකත් දැන් ක්‍රියාත්මක කර ගෙන යනවා, මේ බලාගාර 23 ත් ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මේ වගේ විශාල වැඩ කොටසක් සෑම අමාත්‍යංශයක්ම කරගෙන යන මොහොතේ අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ මේ ගමනත් එක්ක එකතු වෙන්න, දේශපාලනය පැත්තකින් තියන්න, දේශපාලනය අවශ්‍යය වන්නේ මැතිවරණ කාලයට පමණයි, මැතිවරණයක් ඉවර වුණාට පස්සේ ජයග්‍රාහී කණ්ඩායමත් එක්ක පැරදිච්ච අය, පැත්තකට වෙලා හිටපු අය, කළකිරිච්ච අය මේ හැමෝම එකතු වුණොත් තමයි ජයග්‍රහණය කරපු අයට මේ රටට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිව පැරදුන කෙනා කකුලෙන් ඇද්දොත්, කලකිරිච්ච කෙනා කකුලෙන් ඇද්දොත්, තරහා කෙනා කකුලෙන් ඇද්දොත් අපිට මේ ගමන යන්න පුලුවන්කමක් නෑ, ඒ නිසා මේ අවුරුදු 05 රට හදන අවුරුදු 05 ක් බවට පත් කරදේශපාලන වාද-භේද සියල්ලම පැත්තකින් තියලා. මොකද මේ රට හැදුනොත් පක්ෂ කෙනාගෙයි , විපක්ෂකෙනාගෙයි මේ හැමෝගෙම දරුවන්ට සුභවාදී වෙනවා. මේ වෙලාවේ අපි කර ඇරියොත්, තොපිට කර ගන්න බැරි වුණා අපි ඇවිල්ලා කරන්නම් කියලා කෙලවෙන්නේ අපේ දරුවන්ටම නේද? ඒකට පක්ෂ භේදයක් නෑ. රට හදන අවුරුදු 05 බවට මේ අවුරුදු 05 පත් කරන්න
    ඔ්නකම තියෙනවා.ඒ වෙනුවෙන් ඔබතුමන්ලා අත්වැල් බැඳ ගන්න ඔ්න, ඒ වෙනුවෙන් ඒකරාශ්‍රී වෙන්න ඔ්න, එහෙම වුණොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ.

    ඇමතිවරයා මාරුවන විට,ආණ්ඩු මාරු වන විට රජයේ ප්‍රථිපත්ති මාරු වෙන ක්‍රමය නවත්තලා රටේ ස්ථිරසාර ප්‍රථිපත්ති හදලා ඒ ප්‍රථිපත්ති රටේ මූලික දේ ලෙස ක්‍රියාත්මක කරවන්න අපි බලාපොරොත්තු වෙනවා.නැත්නම් ආණ්ඩු මාරු වෙන කොට, ඇමතිවරු මාරු වෙන කොට ප්‍රථිපත්ති, වැඩසටහන් මාරු වෙනවා.අපේ රටට සෘජු ප්‍රථිපත්ති තියෙන්න අවශ්‍යයි, ස්ථිරසාර වැඩපිළිවෙලක් තියෙන්න ඔ්න, ආණ්ඩු මාරු වෙන කොට යම්කිසි ප්‍රථිපත්ති වෙනස් වෙන්න පුළුවන් හැබැයි රටේ මූලික ප්‍රථිපත්ති ටික තියෙන්න ඔ්නක ම තියෙනවා.එහෙම වුණොත් තමයි දියුණු රටවල වගේ ආණ්ඩු මාරු වෙනවා, නායකයෝ මාරු වෙනවා හැබැයි රට ඉස්සරහට යනවා, හැබැයි අපේ රට ගත්තම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රථිපත්තිය වෙනස් වීමත් එක්ක බොහෝ හොඳ දේවල් අපෙන් ගිලිහිලා තියෙනවා.ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේ මෙන්න මේ කියන ප්‍රථිපත්ති හැදීමත් සිදු කරන්න, රට හැදෙනවා කියන්නේ පාරට තාර ටික දාන එක, බොරළු ටික දාන එක, ලයිට් ටික, වතුර ටික දෙන එක පමණක් නෙමෙයි, මේ රටේ වෙනස් නොවන ස්ථිරසාර ප්‍රථිපත්ති හැදීම තුල තමයි රටේ අනාගතය සුභවාදී වෙන්නේ. අපේ නූපන් දරුවාගේ අනාගතය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, මේ ආණ්ඩුවත්, මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්න සියලු දෙනාගේත් බලාපොරොත්තුව වෙලා තියෙන්මේ මේ අවුරුදු 05 කොහොම හරි වැඩ කර ගන්න එක නෙමෙයි,මේ අවුරුදු 05 න් එහාටත්, නූපන් දරුවාටත් ශක්තිමත් රටක් දියුණු රටක් සංවර්ධිත රටක් බවට මේ රට පත් කරන්න අවශ්‍ය කරන ප්‍රථිපත්තිමය වෙනස්කම් ටික, ප්‍රථිපත්ති හදන එක, වැරදි දේ ඉවත් කරන එක, අලුත් දේ එකතු කරන එක තුළ තමයි රටේ අනාගත දරුවන්ට හොඳ රටක් අපි බිහි කලා, ඒ වෙනුවෙන් අපි අඩිතාලමක් දැම්මා, ඒ වෙනුවෙන් අපි කැපවුණා කියන දේ අපිට කියන්න පුලූවන්කම තියෙන්නේ යැයි පැවසීය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින්, ගොවි සංවිධාන නියෝජිතයින්, ඇතුළු ප්‍රදේශවාසීන්
    සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya