අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් හෙට දින පාසල් ආශ්‍රිතව සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක්-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 09, 2021

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන හෙට (10) දින පාසල් ආශ්‍රිතව සහ අවට සිසුන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම නිසා කිසිඳු අනිසි ක්‍රියාවක් සිදු නොකර විභාගය අවසන් වූ වහාම සිය නිවෙස් වෙත ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.


    හෙට දින නිමවන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇත්ද යන්න සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය (news.lk) කළ
    විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
    වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ පාසල් ආශ්‍රිතව නිරන්තර නිල ඇඳුමින් සැරසී පොලිස් ජංගම සේවයක් ක්‍රියාත්මක වන බවත්, විභාගය අවසන් වන වේලාවන්හිදී පොලිස් නිලධාරීන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සිටින බවත්ය. එමෙන්ම සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් විසින් කළහකාරී ලෙස හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya