අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ගැනීමෙන් ඔබ්බට ගොස් රටට ගලා එන විදේශ විනිමය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් රජය අනුගමනය කරනවා

    මාර්තු 09, 2021

    ණය ගැනීමෙන් ඔබ්බට ගොස් රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් රජය අනුගමනය කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසි සම්බන්ධ ගැසට් නිවේදනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Covid 19 හෙවත් නව කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් සෞඛ්‍යයට එල්ල කර තිබෙන බලපෑම හරහා මෙරටට විදේශ විනිමය ගලා ඒම අඩු වූ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා විදේශ විනිමය මෙරටට ලබා ගැනීමට විදේශ ගත වූවන්ට විවිධ ගිණුම් හඳුන්වා දුන් බවත් එම ගිණුම් සඳහා ගෙවන පොළී අනුපාතය සම්බන්ධයෙන් මෙම පනත් ඉදිරිපත් කරන බවද පැහැදිළි කළේය.

     

    රටේ ආර්ථිකය අවදානම් මට්ටමක පවතින බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සඳහන් කළද , රුපියල අව ප්‍රමාණය වීමට ඉඩ නොදී, පොළී අනුපාතය පාලනය කර ගැනීමට රජය සමත් වී ඇතැයිද කීය.

     

    සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment) වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය මෙරටට ලබා රජය කටයුතු කරන බවත් රටේ ආර්ථිකය නව ගමන් මාර්ගයකට යොමු කරවීමට රජයට හැකියාව ලැබුණු බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා විවිධ ක්ෂේත්‍රයන් හරහා මෙරටට ගලා එන විදේශ මුදල් ප්‍රමාණයන් වැඩි කර ගනිමින් සිටින බවද කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya