අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු කොමිෂන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

    මාර්තු 09, 2021

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව  වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට(10) ආරම්භ කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද(09) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

    ඉන්පසු තුන්වන සතියේ තවත් දින දෙකක් මෙම විවාදය සඳහා වෙන් කරන බවද සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
    මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
    ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya