අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි විනයෙන් තුරුලිය වියනට, මව් පොළොවේ යථාර්තයක් කිරීමට උතුම් කාන්තා හා දූ දරු පරපුරේ ශක්තිය ලබා ගනිමු-ඇමති ඩලස් කතරගම දී කියයි

    මාර්තු 09, 2021

    විදුලි විනයෙන් තුරුලිය වියනට, මව් පොළොවේ යථාර්තයක් කිරීමට උතුම් කාන්තා හා දූ දරු පරපුරේ ශක්තිය ලබා ගනිමු-ඇමති ඩලස් කතරගම දී කියයි

    ලෙකෝ ආයතනයට දෙවන නිවාඩු නිකේතනයක් ලැබීමම නොවෙයි මෙම අවස්ථාව. ඒක අතුරු මාතෘකාවක් පමණයි. ඒකම නෙමෙයි නිමිත්ත. ඔබ නිමිත්ත රටට දීලා තිඛෙනවා. විදුලි විනයෙන් තුරුලිය වියනට තමයි ලෙකෝ ආයතනයේ අද දවසේ තේමාව වී තිඛෙන්නේ. ලෙකෝ ආයතනය එය දෙන්නේ, මේ රටේ සමස්ත ජනතාවට පමණක් නොවෙයි. සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලට. ඒ නිසා මම පළමුවෙන්ම විදුලිබල ඇමතිවරයාගෙන් එහාට ගිහින්, පුරවැසි වගකීමක් ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදියට මම මේ අවස්ථාවේ ලෙකෝ ආයතනයට අතිශයින්ම කෘතවේදී වෙනවා. අපි බොහෝ වගකීම් ඉෂ්ඨ කළත්, පුරවැසි වගකීම් මගහැරෙනවා. මේක පරමාදර්ශී ව්‍යාපෘතියක්. විධිමත්ව, විනයක් සහිතව, පරමාදර්ශීව, සමාජයට, රටට කිසිම බරක් නොවී ඉදිරියට යන්න හදන ආයතනයක් විදියට ලෙකෝ ආයතනයේ මෙම ව්‍යාපෘතියට මා සහභාගී වූනේ ඉතාමත් තෘප්තියෙන් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් විදුලි විනයෙන් තුරුලිය වියනට යන තේමාව යටතේ ආරම්භ කළ වන වගා ව්‍යාපෘතිය සමාරම්ක අවස්ථව සහ එම සමාගම විසින් අභිනවයෙන් ඉදිකළ කතරගම නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පසුගියදා අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

     

    අද අපි විදුලි විනයෙන්, තුරුලිය වියනට පළමු පියවර තැබුවා. මගේ අතේ ඉඩම් නැතිබව දැනගෙන ඔබ ඉල්ලූවා ඒ වෙනුවෙන් අක්කර 10 ක් ලබාදෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දී තිඛෙනවා වන වගාවට රජයේ ඉඩම් ලබාදෙන්න කියලා. ඒ නිසා මම පළමුවෙන්ම කියන්න ඕන අක්කර 10 නොවෙයි මම මේ මොහොතේ දෙන ඉලක්කය. ලෙකෝ ආයතනයට 565,000 ක් පාරිභෝගිකයෝ සිටිනවා. අද අපි අධිෂ්ඨානයක් කරගමු මේ මී පැල දෙක රෝපනය කළා, තවත් මේ ව්‍යාපෘතියෙන් සමස්ත පාරිභෝගිකයන්ට ගරුත්වයක් විදියට, ආචාරයක් විදියට 564998 ක් රෝපණය කරන්නට. අක්කර 10 කින් එම අරමුණ ඉෂ්ඨ කරගන්න අපහසුයි. අක්කර 20 න් හෝ 50 න් කරන්නත් බැහැ. ඒ නිසා සදුදා වැඩ ආරම්භ කළාම, අතිගරු ජනාධිපතිතුමා සමග කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර, කඩිනමින් ලෙකෝ ආයතනයේ මේ දැවැන්ත සමාජ සත්කාරයට උරදෙන්න, අවමය අක්කර 20 කින් ආරම්භ කරලා, හැකි උපරිමය රටට දායාද කරන්න, අවශ්‍ය කටයුතු කරනවා.

     

    පැලයක් සිටුවනවා කියන්නේ, විදුලි බලාගාරයක් ආරම්භ කරනවා හා සමාන ක්‍රියාවක්. අපේ ඉතිහාසය, පරිසරය කළමනාකරණය කළේ කොහොමද. අපේ මුතුන් මිත්තන්ට කාබන්ඩයොක්සයිඞ් ගැන, ඹක්සිජන් ගැන අදහසක් තිබුණද. නමුත් මේ මී පැල කුඹුර වටේට වැව්වා. ඇයි අට්ටික්කා, නුග, පුවක්, දේවදාර, මහෝගනී, ඇසතු, එළනූග, තෝර ගණ, පයින්, කරුංකා, වැනි ශාකයන් වගා කළේ, ඒවා වැඩියෙන්ම කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරගන්නා ශාක නිසයි. මේක ඇමරිකා එක්සත් ජනපදයට ගියාමත් ඔවුන් පාවිච්චි කරනවා. අපිට ආවේනික එචැනි ශාකයන් වාගේම ඔවූන්ට ආවේනික කාබන්ඩයොක්සයිඩ් වැඩියෙන් අවශෝෂණය කරගන්නා ඇමරිකන් ස්වීට් ගම්, බීච්, ඕක්, මේපල්, වෝල්නට්, චෙස්නට්, යූකලිප්ටස්, මල්ඛෙරි වැනි ගස් ඔවූන් නගරාන්තර වල වවන්නේ එම හේතුවෙන්. අපේ මුතුන් මිත්තෝ ශ්‍රී ලාංකික බිම ජීව වායුවෙන් පුරවගන්න නිසා, කාබන්ඩයොක්සයිඞ් වැඩියෙන් අවශෝෂණය කරගන්න මේ ශාක වැව්වා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටට පැමිණ මාර්ග දෙපස මාර, රබර් වගා කළෙත් ඒවා ආර්ථික භෝගයන් පමණක් නිසාම නොවෙයි. ඒ නිසා මේක ලොකු ඉලක්කයක් නොවෙයි. අපි ඉලක්ක තෝරන අතරේ, ලෙකෝ ආයතනය අද තෝරාගෙන තිඛෙන්නේ මේ රටේ ප්‍රමුඛ ඉලක්කයක් වන පරිසරයයි. අපි ආගම්, ජාති, පක්ෂ අතර සහජීවනය ගැන කතා කරනවා. ඒ හැම දෙයක්ම හොදයි. වෘත්තිය සමිති අතර සහජීවනය තියෙන්නම ඕන. නමුත් මේ සියල්ල හොදින් තිබුණත්, පරිසරය සමග සහජීවනය නොමැති තැනක අන් කිසිදේකට පැවැත්මක් නැහැ. මතක තියාගන්න පරිසරය වසර බිලියන 4.5 ක් පවතිනවා. අපි මානවයා තාම පෘතුවියේ ගතකර තිඛෙන්නේ වසර ලක්ෂයයි. ඉතින් අපිට වඩා 45,000 ගුණයක් වයසැති පරිසරය සමග ගැටී අපට පැවැත්මක් ඇතැයි කියා සිතීමත් මූළාවක්. ඉතිහාසය පොදූ ලෝකවාසී අපට වැදගත් පාඩමක් කියාදූන්නා නම්, එය තමයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී වාගේ, පරිසරයට සංරක්ෂණය කරන්නා පරිසරය විසින්ම ආරක්ෂා කරාවී. ඒනිසා අපේ න්‍යාය

     

    පත්‍රයේ මුල් තැනට එන්නට ඕන පරිසර සහජීවනයයි. 21 වන සියවසේ මානව සංහතිය මූහූණදෙන දැවැන්තම අභියෝගය අයහපත් කාලගුණික විපර්යාසයයි. අපට අනාගතයේ අපේ දරුවන්ගේ, මුණුබුරු මිණිබිරියන්ගේ ලෝකය ගැන සැනසීමක් ඇතිකරගන්න නම්, මේ පරිසරය සමග සහජීවනය අපේ ජීවන රටාවේ වැදගත්ම අංගයක් බවට පත්කරගත යූතුමයි. මම ආරාධනා කරනවා ලෙකෝ ආයතනයට, පරිසර සහජීවනයේ පුරෝගාමීත්වය අරන් කටයුතු කරන්න කියලා.

    දේශපාලඥයෙක් විදියට මට ශුද්ධ අයිතියක් තිඛෙනවා ඒ ගැන කතා කරන්න. මම පොලිතින් නැති, පොස්ටර් කටවුට් නැති, සුරාව නැති, සංගීත නැති පළමු හරිත දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ වසර 27 කට පෙර, 1993 දී. මගේ ලගම මිත්‍රයෝ පවා කිව්වා අංකයවත් පෙනෙන්නට නැති නිසා, පෝස්ටරයක්වත් දකින්නට නැති නිසා මම පරාදයි කියලා. මම කිව්වා රටට, භුමියට, පරිසරයට හානියක් නොකරලා පරදින එක හොදයි කියලා. අපේ දේශපාලනය පරිසරයට ආදරය කරන දේශපාලනයක්. වෘත්තීය පුහුණූ අමාත්‍යවරයා වශයෙන් මම පළමු හරිත විශ්ව විද්‍යාලය හෝමගම හදන්න තීරණය කලා. අද ශ්‍රී ලාංකික දරුවෝ පමණක් නොවෙයි, මාලදිවයින්, නේපාල දරුවන් පවා දරුවන් 9853 ක් මෙහි අධ්‍යාපනය ලබනවා. ලංකාවේ පළමු හරිත පාසල කඹුරුපිටියේ ඉදිකරන්න අතිගරු ජනාධිපතිතුමා සමග කඩිනමින් අවසන් තීන්දුව ගන්නවා. ඒ නිසා මේකට සංවේදීව කතා කරන්න අපිට උරුමය තිඛෙනවා. ඒ කතාවට පමණක් බොහෝවිට සීමාවන වගේම පැවැත්මෙන් ඉතාමත් අසීරු ප්‍රතිපත්තියක් ක්‍රියාවෙන් ඔප්පූ කර තිඛෙන නිසා. මගේ හරිත චර්යාව, පරිසර හීතකාමී පැවැත්ම ගැන පෞද්ගලිකව මට අභිමානයක් තිඛෙනවා. රටට ආදරය කරන සෑම පූරවැසියෙක්ටම එවැනි අභිමානයක් ඇතිකරගන්නට හැකිනම් අපට පරිසරයෙන් රැකෙන සූන්දර අනාගතයක් ගැන සුබ සිහින දකින්නට පූළුවන්. මේ වනවිට කොළඹ වායු ගෝලයේ ඔක්සිජන් අඩුවී ඇති බව පත්තරවල සදහන් වුණා. මෙය බරපතල අර්බුදයක්. එය මීට වසර 12 කට පෙර අත්විදපු එල්, ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට වඩා අනතුරුදායකයි. විනාශකාරියි. එමෙන්ම වැඩිම පරිසරය විනාශවු නගර 50 න් වැඩිම සංඛ්‍යාවක් තිඛෙන්නේ දකුණු ආසියාවේ. 24 ක් ම ඉන්දියාවේ, 6 ක් පාකිස්තානයේ, 2 ක් බංගලාදේශයේ. භාග්‍යයකට මෙන් අපේ රට ඉන් බේරිලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෙය තේරුම් ගත්තේ, එතුමා ජනාධිපති වෙන්නට පෙර, නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ධූරය දැරූ සමයේ. කොළඹ තාප්ප කඩ කඩා, පොලිසි වල පවා ගස් ඉන්දන්නට උත්සාහ ගත්තේ ඇයි. හරිත නගරයක් කරනන්ට උත්සාහ ගත්තේ ඇයි. මේ පරිසරයේ තිඛෙන කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරන්නා විකල්ප මාර්ගයක් හැටියටයි. අපි විදුලිබල අමාත්‍යාංශය, ලෙකෝ ආයතනය, විදුලිබල මණඩලය වශයෙන් අපේ බලාගාර පද්ධතිය තුළින් අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 4200. මෙයින් ජල විදුලියෙන් 1400 ක් ලබා ගන්නවා. මෑතකදී එකතු වූ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලැඛෙන්නේ මෙගාවොට් 600 ක්. ඉතිරිය අපි ලබාගන්නේ පොසිල ඉන්ධන මගින්. ඞීසල් තමයි වැඩිම පුරුදු මාතෘකාව.

    අපි ඩීසල් මාෆියාවක් ගැන කතා කරනවා. සෞදි අරාබියේ රජුගේ සිට විදුලිබල ඇමති දක්වා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් මේ මාෆියාවට සම්බන්ධ වෙලා සිටිනවා. ලංකාවේ විදුලිබල ඇමති මම නිසා, කව්රුත් මේ කතාවට තරහා වෙන්න හේතුවක් නැහැ. ඞීසල් ජනනයෙන් එක මෙගාවොට් පැයක් ජනනය කිරීම වෙනුවෙන් ඩීසල් ලීටර් 333 ක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය දහනයෙන් පරිසරයට එක්වන කාබන් ප්‍රමාණය කිලෝ 865 ක් වෙනවා. ඒ අනුව මෙගාවොට් පැය 100 ක් ජනනය කළොත්, ඉන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය කිලෝ 86,000 ක්. ඒ කියන්නේ ටොන් 86 ක්. අලි 86 කගේ බරක්. හිතලා බලන්න ලංකාවේ විල්ලූවක ඉන්න දැවැන්තම අලි රංචූවට වඩා වැඩි ප්‍රමාණයක් අපේ පරිසරය වෙලාගන්නවා. අපි කොහොමද මේ වරද නිවැරදි කරගන්නේ. ඒක අපිට ක්ෂණිකව කරන්න අමාරුයි. අපි ඊයේ නිවැරදි කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඩීසල්, දැවිතෙල් වෙනුවට ස්වභාවික ද්‍රව වායු ආදේශ කිරීමට.

    අතිගරු ජනාධිපතිතුමා අමාත්‍යාංශයක් හැටියට මට දුන් අභියෝගය තමයි, වසර 2030 වනවිට ඩීසල්, දැවිතෙල් වලින් එක කදුළක් භාවිතා කරන්න අවසර නැහැ. එය 0 කරගත යුතුයි. දැනට 30% කට වඩා වැඩි අගයක් ගන්නා මෙය, 2025 වනවිට 5% කට අඩු කරගන්නටයි අපි උත්සාහ කරන්නේ. මෙය ලේසි අභියෝගයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ අනාගතය අයිති පුනර්ජනනීය ප්‍රභවයන්ට. කාටවත් එය නැහැ කියන්න බැහැ. අතිගරු ජනාධිපතිතුමා තමයි මෙය තේරුම්ගත් පළමු රාජ්‍ය නායකයා. ඒ වගේම මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් මේ සම්බන්ධයෙන් ප්‍රමූඛතාවක් දී තිඛෙනවා. මෙය එක් නායකයෙකුට, එක් පක්ෂයකට, එක් ඇමතිවරයෙකුට අයිති කාර්යයක් නොවෙයි. මේක සාමුහික, ජාතික උත්සාහයක් වියයුතුයි. හරිත ජාතියක්, දේශයක් ලෙසට අපට පෞඩ ඉතිහාසයක් හිමියි. ගහට කොළට දියට ආදරය කරන සංස්කෘතියක උරුම කරුවන් අපි. හිත ඇත්නම් පත කුඩා ද කියන්නා වගේ එයට නැඹූරුවක් ඇතිකරගත්තොත් එය ඉෂ්ඨ සිද්ධ කරගන්නා එක අපට ජාතියක් ලෙසට විශාල අභියෝගයක් නොවෙයි. ඉතින් අපි මේ අරමුණ වෙනුවෙන් කැපවෙමු.

    ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ. ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහිවුනේ අපේ රටෙන් කියලා අපි සතුටු වෙනවා. තව පැය 32 කින් කාන්තා දිනය උදා වෙනවා. මේ වගකීම අපි බාරදෙමු මේ රටේ කාන්තාවන්ට. මම ආඩම්බර වෙනවා අපේ ලේකම් වසන්තා පෙරේරා මැතිනිය ගැන. අති දක්ෂ ලේකම්වරියක්. අපේ පළමු පරිපාලන නිලධාරිනිය. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිනිය කුමුදුනී හේරත් මැතිනිය. මේ අපේ විශිෂ්ඨ කාන්තාවෝ. මේ විදුලි විනයෙන් තුරුලිය වියනට රැගෙන යන්නට රටේ කාත්නාවන්ට ආරාධනා කරමු. පාසල් දරුවන්ට ආරාධනා කරමු. බලශක්ති සංරක්ෂණ කරන අතරේ පරිසරය ආරක්ෂා කරගමු. පරිසරයට වැඩිම හානි කරන ආයතනවල ඉන්න අය හැටියට මම එය බාරගත යුතුයි. පරිසරයට හානි කරන පුද්ගලයින් උසාවියට කැදවුවහොත්, පෞද්ගලිකවම ඊට ඉදුරාම වෙනස් ප්‍රතිපත්තිවල හිටියත්, පළමු හෝ දෙවන විත්තිකරු වන්නේ මමයි. ඒ නිසා මෙය මේ රටේ ලක්ෂ 45 ක් වන සිසු දරුවන් සහ රටට වැඩිම ශක්තිය ලබාදෙන කාත්තාවන් සමග ඛෙදාගමු. එහෙම වුණොත්, මෙම ඉලක්කය අපට ජයගත හැකියි. මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 07ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇගලූම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6 ක්. කාගේ අත්ද ඒ. අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02 කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ. කාන්තාවන්ගේ අතේ. අපේ රටට වටිනාකමක් ඇති විනිමයක්, ලෝකයේ හුවමාරු කලහැකි විනිමයක් උපයලා දෙන්නට ප්‍රධානත්වය ගන්නේ මෙම ගෞරවනීය පුරවැසි කණ්ඩායමයි. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, මවක් වගේ හදලා වඩලා

     

    පෝෂණය කරලා තියෙන්නේ කාන්තාවෝ. පිරිමි වශයෙන් අපි මෙයට ලැජ්ජා විය යුතුයි. නමුත් අපි මෙය සංස්කෘතිමය වහයෙන් පිළිගන්න කැමති නැහැ. ඒ වගේ පොඩි පොඩි වැරදීම් අපට සිදුවී තිඛෙනවා. බලන්න අපේ රටට සමාන දියුණුවෙමින් පවතින අනික් රටවල් සමග සංසන්දනය කරාම අපි ඉදිරියෙන් ඉන්න අංශ දෙක මොනවා ද? අධ්‍යාපනය සහ සෞඛ්‍යය. ඉතින් මේ අංශ දෙකම අති බහුතරයක් කාන්තාවන් විසින් අභිභවනය කරන අංශ 2 ක්. ජාතියේ ඇස් පාදමින් සෞඛ්‍යාරක්ෂාව සලසන අපේ රටේ අභිමානනීය වනිතාවන්ට කරන අගැයීම කාන්තා දිනයක් කියලා එය දවසකට සීමා කිරීම මං විශ්වාස කරන විදිහට ලංකාවේ කාන්තාවන්ට කරන අපහාසයක්. ඔවූන් දවස් 365 ම රට, දැය වෙනූවෙන් දරදිය අදින කොටසක්. එමනිසා ඔවුන්ව දවස් 365 ම අගැයීමට ලක්කලයූතුයි. ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩමවාගෙන ආවේ කාන්තාවක්. නමුත් අද කාන්තාවන්ට උඩ මලූවට යන්න තහනම්. දළදා වහන්සේ වඩම්මාගෙන ආවේ කාන්තාවක්. නමූත් පත්තිරිප්පුවට නගින්නට තහනම්. මේ අම්මාට අවශ්‍ය තැන, නායකත්වය අපි ලබාදිය යුතුයි. මම ගැමියෙක්. ගමේ ඉපදුනේ. ගමේ පාසලට ගියේ අම්මගේ අතේ එල්ලිලා. අම්මා තරම් පරිසරය රැකගන්න කැපවෙන කෙනෙක් නැහැ. අපේ අම්මලා කොරහේ හාල් ගරලා වතුර විසි කරන්නෙ නැහැ. පැලයකට දමනවා. ඒක තමයි ගමේ අම්මගේ හැටි. අම්මා ඒ තරම් පපුවෙන්, හදවතින් පරිසරයට ආදරෙයි. රටේ අම්මලට, දූලට, පුතාලාට මේ වගකීම බාරදෙමු. මේක ඔවුන්ට ජයගන්න පුළුවන් අභියෝගයක්.

    එක්සත් ජාතීන්ගේ 2020 වාර්ථාවේ මානව සංවර්ධන දර්ශකයේ ලංකාව ඉන්නේ 71 වන ස්ථානයේ. නමුත් එම වාර්තාවටම ගෝලීය පිඩන දර්ශකයත් එකතු කල විට ශ්‍රී ලංකාව එහි 37 වන ස්ථානයට පත්වනවා. බොහෝ දියූණූ රටවල් එතැනදී අප පසූපසට යනවා. මෙය තමයි අනාගතයේ රටක සංවර්ධනය මනින නවතම මිම්ම. අපේ භෞතික සංවර්ධනයෙන් පෘතුවියට වෙන හානියත් සැලකිල්ලට ගනිමින් තමයි දැන් මානව සංවර්ධන දර්ශක වල රටවල් ශ්‍රේණිගත කරන්නේ. අපට මෙහි තවත් ඉහලට යන්නට පූළුවන්. එය කරන්නේ කෙසේද, පුනර්ජනනීය බලශක්තිය සමග ඒ සදහා යන්නේ කෙසේද කියලා එහි සදහන් වෙනවා. ඒ පමණක් නොවෙයි ප්‍රවාහනයටත් මෙය ආදේශ කරගත යුතුයි. බලශක්තියෙන් විතරක් මෙය තනිවම කරන්න බැහැ. ඒක තමයි අභියෝගය.

    2030 වන විට මේ පරිසරයට හානි කරන ඞීසල්, දැමි තෙල් මත බලශක්තිය නිෂ්පාදනය කිරීම බින්දුවෙන් තියන්න ඕන. ඒ ඉලක්කය හඹාගෙන යන අතරෙ විදුලි විනයෙන් තුරුලිය වියනට අපි මුළු රට පුරාම බෝ කරමු. පැළ, බීජ බෝ කරන්නාසේ, මේ සංකල්පය බෝ කරමු. ඒ මහා ආනුභාවසම්පන්න ජාතික කටයුත්ත වෙනුවෙන් කිසිම කෙනෙක් ඛෙදෙන්නට එපා. වෘත්තීය සමිති ගැටළු හරස් කරගන්නෙපා. ඔබට හොද නායකයෝ දෙදෙනෙක් සිටිනවා. වෙන දේශපාලන මතවාද වලදි ඛෙදෙන්න. ඒක ඔබේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය. මම ඉල්ලන්නේ පරිසර සහජීවනය වෙනුවෙන් කිසිම ඛෙදීමක් ලෙකෝ ආයතනය, විදුලිබල මණ්ඩලය මෙන්ම විදුලිබල අමාත්‍යාංශය ඇතුලේ තියා ගන්නට එපා. රටම එකතු කරන්න පුළුවන් මේ වැඩපිළිවෙල හරහා. හැම අම්මා තාත්තාම තමන්ගේ දරුවට ආදරෙයි. දරුවන්ගේ දරුවො ගැන හීන දකිනවා. ඔවූන්ගේ සූභ අනාගතයක් ගැන හීන මවනවා. ඒ හීන හැබෑ කරගන්නනම්, මේ හීනය හැබෑ කරන්න ඕන. මේ හීනය සැබෑ කරගන්නේ නැතිව, කිසිම පුරවැසියෙක් දකින කිසිම හීනයක් සැබෑ කරගන්නට බැහැ. ඉතාම ප්‍රාථමික, ගෝත්‍රික ඛෙදීම් තිබුණත්, සැමදෙනාම එකට කතරගමට, ශ්‍රී පාදයට පැමිණෙනවා. ඒ නිසා කතරගම පාරිශ්‍රද්ධ භූමියේ සිට ලෙකෝ ආයතනය සහ අපි රට වෙනුවෙන් ඒ උතුම් පරමාර්ථය වෙනුවෙන්, මේ උතුම් භූමියේ සිට ඒකාත්මික වෙමු. ඒ විශිෂ්ඨ අරමුණ ශාක්සාත් කරගැනීමට ලෙකෝ ආයතනයට, මේ රටේ අම්මලාට, දුවලාට, පුතාලාට විශ්වයේ සියලූ ශක්තීන් ආශිර්වාද කරත්වා යැයි පැවසීය

    මෙම අවස්ථාවට කතරගම ප්‍රාදේශීය සභා සභාපති, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අතුල ද සිල්වා, සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් ඇතලු ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya