අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අද එළි දැක්වේ

    මාර්තු 09, 2021

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කොට තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනය අනුව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය එළි දැක්වීම සිදු කිරීමට නියමිතය.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සියළුම සාමාජික මන්ත්‍රීවරියන් සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ. මෙරට කාන්තාවන්ට සිදුවන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ

    ඉදිරිපත් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විසින් ගෙන එනු ලබන යෝජනාව එම සංසදයේ සභාපතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඉන්පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
    ඉන් අනතුරුව මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් “අභියෝගයට සූදානම් ද?” මැයෙන් පැවැත්වෙන සංවාදයට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි රෝහිණි කුමාරි විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරළ, ගීතා කුමාරසිංහ, මන්ජුලා දිසානායක, සහ ඩයනා ගමගේ සහභාගී වීමට නියමිතය.

    “රටකි, දැයකි,ලොවකි ඇය” මැයෙන් පැවැත්වෙන දෙවන සංවාදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා‍ වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වනු ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya