අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු සහ දඩමුදල් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැදවයි

    මාර්තු 07, 2021

    බදු සහ දඩමුදල් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැදවා තිබේ.

    පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ
    කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසත් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    ඒඅනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම්බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වනු ඇත. මීට අමතරව මාර්තු 09 වන දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැදවා ඇති අතර මාර්තු 23 වන දින කලා විෂයයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබදව
    සාකච්ඡා කිරීමට නියමිතය.

    එසේම මාර්තු 24 වන දින වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර මාර්තු 25 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya