මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාවද්‍ය චෝදනාව පරාජය කර සත්‍ය ජයග්‍රහනය කිරීමට හැකියි- ජනමාධ්‍ය අමාත්‍ය

    මාර්තු 03, 2021

    එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය 2021 තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන ලද නව යෝජනාව අසාධාරණ යෝජනාවක් බවත්, එජා මානව හිමිකම් සම්බන්ධ
    මහකොමසාරිස් මිෂෙල් බැචිලට් විසින් ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ අසාධාරණ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (02) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම යෝජනාව සාධාරණීකරනය කිරීමට රජය කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවත්, මෙම යෝජනාවට සහයෝගය දෙන සියලු දෙනා සමඟ තමන් සාකච්ඡා කර ඔවුන්ට මෙම යෝජනාවේ තිබෙන අසාධාරණ ස්වභාවය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අසාධාරණ යෝජනාව සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව සළකා බලා නිවැරදි පාර්ශවයේ සිටිනු ඇති බවත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහලේකම්වරිය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළවන බවත්, මෙම සාවද්‍ය චෝදනාව පරාජය කර සත්‍ය ජයග්‍රහනය කිරීමට හැකි බව තමන් විශ්වාස කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya