මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ රටවල් කොවිඩ් හමුවේ අධ්‍යාපන වියදම් කපා හරිද්දී ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි -අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 03, 2021

    කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝකයේ රටවල්වලින්තුනෙන් දෙකක් අධ්‍යාපනය සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන විශාල ලෙස අඩු කර ඇති බවටමේ සතියේ ලෝක බැංකුව සහ යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම තත්ත්වය සහ අපේ රටේ අද පවත්නාතත්ත්වය සංසන්දනය කළහොත්, පරස්පරයක් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

    සාර්ථක, අසාර්ථක භාවය ගැන කතා කරනු වෙනුවට එය තක්සේරු කිරීමට අවංක උත්සාහයක් දරන්නේ නම් මේ තත්ත්වය වඩාත්පැහැදිලි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේඅරමුණු යථාර්ථවත් කරමින් ශ්‍රී ලංකාව නිපුනතාවයෙන් සපිරි ශ්‍රම බලකායක් සහිත රටක්බවට පත් කිරීම වෙනුවෙන් නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Skills Sri lanka වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්, අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    මුළු ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වයක්තුළ පවා, වෙනත් රටවල් අධ්‍යාපනයට කරනු ලබන වියදම් සීමා කරමින් සිටියදී ශ්‍රීලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳ, ජනතා ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරදක්වන ආකාරය පිළිබඳව සියලු දෙනා අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා සිහිපත්කළේය .

    බොහෝදෙනාගේ ඉල්ලීමට සවන් දෙමින් ජාතික පාසල් පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම පිණිස මේවන විට පියවර ගනිමින් සිටින බවත්,ඒ අනුව පළමු අදියර යටතේ මේ වර්ෂය තුළජාතික පාසල් 123 දෙවන අදියර යටතේ ජාතික පාසල් 673 ක්,පාසල්පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ප්‍රථම අදියර යටතේරුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර යටතේ රුපියල් මිලියන 1000ක් ලබාදීමට පියවර ගෙනඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    නිපුණතා සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් සෞභාග්‍යය දැක්ම දර්ශනය තුළ අපේ රජය ගෙන යන වැඩපිළිවෙළ අපට වඩා සම්පත් ඇතිරටවල් සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා,විරුද්ධපක්ෂය වැඩිම විරෝධතාවය එල්ල කරන්නේ ගම සමග පිළිසඳර වැඩපිළිවෙළට බව ද ,ඊටහේතුව එය ක්‍රමානුකූල වැඩපිළිවෙළක් වීම සහ ගමට අවශ්‍ය දේ නායකයන් තීරණය කරනුවෙනුවට ගමේ මිනිස්සුන්ගෙන් විමසා බැලෙන හෙයින්, එම තත්ත්වය අත්පත් කරගෙන ඇති බවත්,දෙවැනිඅදියර යටතේ ක්‍රියාත්මක වූ වැඩ සමඟ යළි ගමට වැඩසටහන් මාලාව ගම තුළ සම්පූර්ණවිපර්යාසයක් ඇති කිරීමට සමත්ව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගමට අවශ්‍යරෝහල් පාසල් පානීය ජලය ඇතුළු සියල්ලක්ම සම්බන්ධයෙන් විශාල විපර්යාසයක් ගම තුළ සිදුකිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජයේ ප්‍රායෝගික පසුබිම මෙය බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානවැඩපිළිවෙළක් ලෙස අධ්‍යාපනය සඳහා ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පෙන්වාදිය හැකිබවත්, පාසල් විෂය මාලාව නවීකරණය කිරීමට අවංක උත්සාහයක නිරත වන බවත් ඒසඳහා සහාය වීමට සහ සම්බන්ධ වීමට සියළු පාර්ශවවලට ඇරයුම් කරන බවත් ප්‍රකාශ කළේය.අධ්‍යාපනය සම්බන්ධයෙන් සියලු ආගමික නායකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඒසියලු දෙනාම එක් කර ගනිමින්, සියලු දෙනාගේ අදහස්වලින් පෝෂණය වෙමින්අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඒ සම්බන්ධයෙන් මේ මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද,විශේෂයෙන්මඅපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා දුර්වලතාවක් වන සිසුන්ට ලබාදෙන අධ්‍යාපනය හාපවත්නා ජීවනෝපායන මාර්ග පිළිබඳ පරස්පරය තුරන් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළයුතු බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය .

    තොරතුරු තාක්ෂණය,පරිගණකතාක්ෂණය වැනි විෂයයන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධය සිසුන්ට ලබාදෙමින් ඒ සඳහා පදනමසකස් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, කැබිනට් අමාත්‍යවරුන්රැසක් ද, නිපුනතා සංවර්ධන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද,අධ්‍යාපනලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya