අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් දිවයිනට...

    පෙබරවාරි 26, 2021

    ඉන්දියාවේ පූනෙයි නගරයේ පිහිටි සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක්  ශ්‍රී ලංකාවට ලැබුණි.


    එම එන්නත් මාත්‍රා වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් (25) සිදු විය.

    මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රු.මි 510ක් වැය කර ඇති අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් එම ගෙවීම සිදුකරන ලදි. ඉදිරි සතියක කාලයක් තුළ දී ලෝක
    සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීමට නියමිත, කොවැඩ් වැඩපිළිවෙල යටතේ ලැබිය යුතු එන්නත් තොගය ලංකාවට ලැබීමට නියමිතව ඇත.

    වයස අවු 18 ට වැඩි එන්නත් ලැබිය යුතු සියලුම දෙනාට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වෙයි. මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන

    සංස්ථාවේ සභාපති හා ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya