අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට

    පෙබරවාරි 25, 2021

    හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණිනි. 1977 වසර්දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය, සංස්කෘතික, අධිකරණ, බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබෙන දේශපාලක්ඥයෙකි.

     

    මෙරට 16 වන කථානායකවරයා ලෙස වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා තේරී පත්වූයේ 2004 වසරේ අප්‍රේල් 22 වනදායි. 2010 වසරේ අප්‍රේල් 08 වනදා තෙක් ඔහු එම ධුරය දරනු ලැබුණි. කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහති  පසුගිය (14) දා අභාවප්‍රාප්ත විය.  

    ශෝක යෝජනා විවාදයට ඒක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා දේශීය ලැදියාව අත් නොහැරි දේශපාලක්ඥයෙකු බවයි.

    දේශීය වෛද්‍ය, සංස්කෘතික, අධිකරණ, බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ් මහතා ඒ සෑම අමාත්‍යංශ විෂය ක්ෂේත්‍රයකම මතක සිටින යමක් ජාතියට දායාද කිරීමට හැකි වූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා  සිංහල හින්දු අලුත් අවුරුද්දට යෙදෙන හිස තෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය අන්‍රුහය යටතේ සිදු කිරීම හඳුන්වා දුන්නේ ඒ් මහතා බවයි.කොළ කැඳ සහ ඔසුපැන් ජනතාව අතරට ගෙන යාමට මෙන්ම ආයුබෝවන් කියමින් දුරකතන ඇමතුමක් දීමට හුරු කරවූයේ ඒ් මහතා බව ද  කීය.

    වාග්විද්‍යාව, සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, පිළිබඳ ප්‍රශස්ත දැනුම් සම්භාරයක් ඔහු සතු වූ බව පැවසූ අගමැතිවරයා ජාතික ඇඳුමේ අගය නිතර කිවූ බවත් දේශීය චින්තනය ඒතුමාගේ හදවතේ තිබූ බවත් පැහැදිළි කළේය. ඒ් මහතාගේ ගුණ කතනය කිරීමට ඒක් දිනක් ප්‍රමාණවත් නොවන බවද අගමැතිවරයා කීය.

    විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කුවේට් වන්දි අරමුදල නිර්මාණය කිරීමට සහ යුද්ධයෙන් අවතැන් වූ විදේශ ශ්‍රමිකයින්ට සහණ ලබා දීමට වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බවයි. කෘතහස්ත දේශපාලක්ඥයෙකු වූ  ඒතුමාගේ චරිතය සෑම දේශපාලක්ඥයෙකුටම ආදර්ශයක් බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya