අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ''පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වෙයි

    පෙබරවාරි 24, 2021

    ශ්‍රී ලංකාවේ දෙදින නිල රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත වූ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සංචාරය පිළිබඳව සකස් කළ සමරු වීඩියෝ පටය (DVD ) සහ ඡායාරූප ඇල්බමයපාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම අද (24) සවස කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ දී සිදු විය.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සුරතින් මෙම සමරු ඇල්බමය සහ සංයුක්ත තැටිය ලබාදීම සිදු විය.

    මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් නාලක කලුවැව මහතා ද එක්විය.

    පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය ආරම්භ වූ අවස්ථාවේ සිට සිදූ සුවිශේෂී අවස්ථා සියල්ල ම කැටි කොට මෙම සුවිශේෂී මතක සැමරුම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක
    කලුවැව මහතාගේ මඟපෙන්වීම මත රජයේ චිත්‍රපට අංශය සහ රජයේ ඡායාරූප අංශය මඟින් සකස් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya