අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් තෝරා ගැනීමේ දී දක්ෂතාව මිස, ජාති ආගම් පිළිබඳව සොයන්නේ නෑ- ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 23, 2021

    ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් තෝරා ගැනීමේදී එම ක්‍රීඩකයාගේ දක්ෂතාව මිස ජාති ආගම් පිළිබඳව සොයා නොබලන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ සිදුවීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    චමින්ද වාස් මහතා දක්ෂ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් බව පැවසු අමාත්‍යවරයා, එවැනි පුහුණුකරුවකු ජාතික කණ්ඩායමට අහිමිවීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවද කණගාටුවට පත් වන බව කීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ක්‍රිඩා අමාත්‍යවරයා පැවසුවේ පාලක මණ්ඩලය සමග ගැටුමක් පැවතියද 2023 ලෝක කුසලානය ඉලක්ක කරගත් ජාතික කණ්ඩායමක් විදේශ ගතවීමට පැය 04කට පෙර ඉල්ලා අස්වීම එම තරුණ ක්‍රීඩකයන්ට කළ අසාධාරණයක් බවයි. හෙට දිනයේ අනෙක් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට මෙම සිදුවීම වැරදි පූර්වාදර්ෂයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ක්‍රීඩාවේ නිසි ක්‍රමවේදයක් සහ ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ, පරිපාලනයේ සහ පාලකයන්ගේ විනයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යා යුතු බවද කීය .

    අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගියදා පත්කළ කමිටුව මේ සම්බන්ධයෙන් සොයා බැලූ බව සඳහන් කළ අමාත්‍යවරයා, පක්ෂාග්‍රාහී නොවී මේ සම්බන්ධයෙන් සොයා බලන බවද කීය.  

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya