අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විචලනය වුවද ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා- අමාත්‍ය උදය ගම්මන්පිල

    පෙබරවාරි 23, 2021

    වසර එක හමාරකට ආසන්න කාලයක් ඉන්ධන මිල ස්ථායී ලෙස පවත්වාගැනීමට රජයට හැකියාව ලැබුණු බවත්, ඉදිරියේදීත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විචලනය වුවද ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යාමට රජය හැකි පමණ උත්සාහ දරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඉදිරියේදී තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමක් සිදුකරන්නේද යන්න පිළිබඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව
    සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය යහපාලන රජයේ මිල ප්‍රතිපත්තිය වූයේ මිල සූත්‍රයක් හඳුන්වාදෙමින් වෙළෙඳපොල තෙල් මිල ඉහළ යාමේ බර ජනතාව මත
    පැටවීම බවයි. මෙසේ නිරන්තර තෙල් මිල වෙනස් කිරීම බටහිර රටවල ක්‍රමවේදය වුවත් නිරන්තර මිල උච්ඡාවචනය වීම ජනතාවට දැඩි ලෙස බලපාන බවයි. ඉන්ධන මිල ස්ථාවරව
    තබාගැනීමේ ප්‍රතිපත්තියක සිටිමින් රජය සෑම විටම කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවට හැකි පමණ කාලයක් ඛනිජ තෙල් මිල ස්ථාවරව පවත්වා ගෙන යන
    බවයි. තෙල් සංස්ථාව පාඩු ලැබුවද එම බර ජනතාව මත පැටවීමට සූදානම් නොමැති බව අමාත්‍යවරයා කීය . 2019 සැප්තැම්බර් 11 දින අවසාන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව මේ දක්වා
    ඛනිජතෙල් මිලෙහි කිසිදු වෙනස්වීමක් සිදු නොවූ බවත් දැවැන්ත මිල ඉහළ යාමක් සිදු වී දරා ගත නොහැකි මට්ටමට ආවොත් පමණක් රජය එම පියවර ගන්නා බවයි.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවත් සමග සාකච්ඡා කර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකිවල බහුතර කොටස් අයිතිය අපට හිමිවීම
    සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. 2013 වසරේ එක්සත් ජාතික පක්ෂ රජය මෙරට ජාතික සම්පතක් වූ තෙල්ටැංකි ඉන්දියාවට ලබා දුන් බවත් මේ වන විටත් ඉන්දියාව සමග ඒකාබද්ධව
    හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya