අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී ගොවියා ගේ අස්වැන්නට වටිනාකමක් ලැබුණේ, සහල් ආනයනය නොකිරීමට රජය තීන්දු කළ නිසයි - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්

    පෙබරවාරි 23, 2021

    විදේශයන් ගෙන් සහල් ආනයනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගොවි ජනතාවට, වී සඳහා පවතින ස්ථාවර මිල ඉක්මවා ගිය වටිනාකමක් හිමිවූ බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා
    ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කරයි.

    රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ, මේ වන විට වී කිලෝවකට රුපියල් 55 ඉක්මවූ මිලක් හිමිවී ඇතිබවයි. හෙතෙම මේ බව කියා සිටියේ, පසුගියදා මහවැලි බී කලාපයේ, දම්මින්න හා
    සෙවණ පිටිය ප්‍රදේශ වල, මහවැලි ආදර්ශන ගොවිපළ නිරීක්ෂණය කට සහභාගි වීමෙන් අනතුරුව පැවති ගොවි හමුවකට එක්වෙමිනි.

    " මහවැලි මහගොවි සංග්‍රාම - හරි ගොවිතැනට හරි පාර" මැයෙන් වූ වැඩසටහන යටතේ ඉහළ වී අස්වැන්නක් සඳහා, ගොවි ජනතාව පෙළගැස්වීමේ වැඩසටහනක් ද මෙහිදී සෙවණ පිටිය මහවැලි කොට්ඨාස කාර්‍යාලයේදී පැවැත්විනි.


    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ;
    ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ට, මහවැලි කලාප ජනපදිකයින් ගෙන් දැනට ලැබෙන සියයට, විස්සක(20%) දායකත්වය,ඉදිරි වසර තුන ඇතුළත සියයට තිහ (30%) දක්වා වර්ධනය කර
    ගැනීමට අවශ්‍ය මෙහෙයුම් ආරම්භ කර ඇතිබවයි.
    මහවැලි ගොවිබිම් නිසි ලෙස කළමනාකරණය කර වගා කටයුතු සඳහා යෙදවීමෙන්, ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සැලකිය යුතු ලෙස පාලනය කර ගතහැකි බවද රාජ්‍ය අමාත්‍ය වරයා කීය.

    ආහාර ආනයනය සඳහා පමණක් රජය වසරකට රුපියල් බිලියන 220 ක පමණ මුදලක් වැය කරන බවත්, රටට අවශ්‍ය ආහාර රට තුළ නිෂ්පාදනය කර ගැනීමෙන්, එලෙස විදේශයන් ට ඇදී
    යන විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගත හැකි බවත් ගමලත් මහතා සඳහන් කළේ ය.
    ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන්, අනාගතයේ ආහාර හිග වීමේ අවධානමක් මතු නොවන බවත්, ඒ සඳහා මහවැලි කලාප ජනතාව දැන් සිටම පෙළගස්වා ගැනීම අපගේ
    වගකීම බවත් සිරිපාල ගමලත් මහතා පැවැසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා.

    "පසුගිය දිනවල විවිධ පාර්ශවයන් රටට සහල් ආනයනය කළ යුතු බව පෙන්වා දුන්නා. ඒත් ජනාධිපති තුමා එහෙම කළේ නැහැ,
    එහෙම කළා නම් අද ගොවි ජනතාව ගේ, වී අස්වැන්නට හොඳ මිලක් දෙන්න බැරි වෙනවා. මේ වන විට වී අස්වනු නෙළීම ආරම්භ වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සැම
    මොහොතකම තීන්දු තීරණ ගන්නෙ ළඟ බලා නොව, දුරදිග කල්පනා කිරීමෙන් බව පැහැදිලියි. සැබවින්ම ඔහු දුරදක්නා නායකයෙක්. "
    යැයිද ඔහු සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව මහතා සහ මහවැලි බී කලාපයේ
    නේවාසික ව්‍යාපාර කළමනාකරු නොයෙල් ජයසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya