අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රජය පොලීසියට පරිත්‍යාග කළ වාහන ජනපතිට භාරදෙයි

    පෙබරවාරි 16, 2021

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

    වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසිනි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත විය.

    ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත. රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබීය.

    දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector 80ක් ඊට අයත්ය.

    මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහූ, ජපාන ක්‍රවුන් නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජී.ඩබ්.යූ. දුමින්ද චන්ද්‍රරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya