අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සෞභාග්‍යමත් ස්වයංපෝෂිත රටක් හැදීමේ ඉලක්කයට වැඩ කරන්න- කෘෂි ඇමැති

    පෙබරවාරි 07, 2021

    නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සෞභාග්‍යමත් ස්වයංපෝෂිත රටක් හැදීමට ඉලක්කයට වැඩ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි නිලධාරීන්ගෙන් ඉල්ලයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.කෘෂිකර්මයට සම්බන්ධ ප්‍රධාන ආයතන 10ක, 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා විය.

    රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ,රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් අදාළ ආයතනවල ප්‍රධානීන්
    ඇතුළු නිලධාරීන් මීට එක්විය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,වී අලෙවි මණ්ඩලය,ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, ජාතික පොහොර ලේකම් කාර්යාලය,හෙක්ටර්
    කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය, කුඩා වතු හිමියන්ගේ කෘෂි හවුල්කාරිත්ව වැඩසටහන ,කෘෂිකාර්මික අංශ නවීකරණය කිරිමේ ව්‍යාපෘතිය,දේශගුණ සුහුරු වාරි
    ව්‍යාපෘතිය,ආර්ථික මධ්‍යස්ථාන යන ආයතනවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කළේ ය.

    බෝග 16කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික ක්‍රියාන්විතයට මුල්තැන දෙමින් කාර්යක්ෂමව කටයුතු කරන ලෙස මෙහිදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද
    අලුත්ගමගේ මහතා මෙහිදී උපදෙස් දුන්නේ ය.

    අර්තාපල් ,මිරිස්,ළූණු යන බෝග සදහා විදේශයන්ට ඇදීයන මහා ධනස්කන්ධය රටට ඉතිරිකර ගොවියාත් පාරිභෝගිකයාත් රැක ගැනීමට සියලු ආයතන එකට එක්ව සම්බන්ධීකරණයෙන්
    ක්‍රියා කළයුතු බවද රටට අවශ්‍ය බීජ අර්තාපල් ,බීජ මිරිස් ,නිෂ්පාදනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව මෙන්ම අපේක්ෂිත ඉලක්කයන් කරා මෙහෙයවිය යුතු බව ද අදාළ නිලධාරීන්ට
    අමාත්‍යවරයා කියා සිටියේ ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
    මෙරටට අවශ්‍ය ළූණු අවශ්‍යතාවයෙන් 22%ක් මෙරට නිෂ්පාදනය කෙරෙන අතර,ඉතිරි ප්‍රමාණය ආනයනය කෙරෙනවා.ඒසඳහා වාර්ෂිකව බිලියන 12-15ත් අතර මුදලක් වැය කෙරෙනවා.ඒ
    අනුව 2021දී 35%ක්, 2022දි 45%ක්,2023දි 60%ක් ලෙස ක්‍රමක්‍රමයෙන් ළූණු නිෂ්පාදනය ඉහළ දැමීම ඉලක්කයයි යැයි කීය.

    විශේෂයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන,නිවැරදි දත්ත,නිවැරදි තොරතුරු මත පදනම්ව සියලු ආයතන ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ණය ආධාර ව්‍යාපෘතිවල නිසි ප්‍රයෝජන ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන ගමනට දියහැකි සියලු සහාය කාර්යක්ෂම ලබාදෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ප්‍රවාහනයේදි සහ වන සත්ත්ව උවදුරුවලින් සිදුවන අස්වනු හානිය වැලැක්වීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද කියා සිටියේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya