අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

    පෙබරවාරි 06, 2021

    ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “Kri Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය.

     මෙලෙස හම්බන්තොට වරායට සේන්දු වූ “Kri Bung Tomo” නෞකාව දිගින් මීටර 95ක් වන අතර, නැව් මුළුව 103ක ගෙන් සමත්විත වේ. මෙම නෞකාව ඉන්දුනීසියානු නාවික හමුදාවේ පළමු දියත් විධානයෙහි ආරක්‍ෂක නෞකා බලඝණ‍යට අයත් Multi Role Light Frigate (MRLF) වර්ගයේ නෞකාවක් වන අතර, එම නෞකාව දින දෙකක් (02) හම්බන්තොට වරායේ රැඳී සිටීමට නියමිතව ඇත.

     ජාත්‍යන්තර සහයෝගීතාවය සංඛේතවත් කරමින් මෙලෙස විදේශීය නාවික හමුදාවන්ට අයත් යුධ නෞකා මෙරටට සේන්දු වීම මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට සහ නාවික සබඳතාවයන් ශක්තිමත් කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

     හම්බන්තොට වරායට සේන්දු වූ මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, දෙදින (02) නිළ සංචාරය නිමා කරමින් මෙම නෞකාව 2021පෙබරවාරි 06 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya