අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර කැමැත්ත පළවේ

    පෙබරවාරි 03, 2021

    පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.


    මෙම රැස්වීමට  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහභාගී වූහ.
    මෙහිදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත අනුව පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කර තිබු පහත සඳහන් නාමයෝජනාවන් සඳහා පාර්ලිමේන්තු සභාවේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය පලකරන ලදී.
    1) ජනක රත්නායක මහතා (සභාපති)
    2) චතුරිකා විජේසිංහ මහත්මිය (සාමාජික)
    3) මොහාන් සමරනායක මහතා (සාමාජික)
    4) උදේනි වික්‍රමසිංහ මහතා (සාමාජික)
    5) මහාචාර්ය ජනක ඒකනායක මහතා (සාමාජික)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya