අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් 73 වන නිදහස් සැමරුම අදයි

    පෙබරවාරි 04, 2021

    බටහිර යටත්විජිතකරණයෙන් ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා අදට වසර 73ක් සපිරෙයි. අද දින සිහිකෙරෙනුයේ ඒ අභිමානවත් නිදහස් දින සැමරුමයි. අද දින (4) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

    මෙවර නිදහස් දින සැමරුමේ සුවිශේෂීත්වය වන්නේ කොවිඩ්-19 වසංගත අභියෝගය හමුවේ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සැමරුම් උත්සවය පැවැත්වීමයි.

    වර්ෂ 153ක කාලයක් බටහිර යටත්විජිතකරණයට නතුව යුරෝපීය ජාතීන්ගේ පාලනයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ජනතාව වර්ෂ 1948 පෙබරවාරි මස 04 වනදා යටත්විජිතකරණයෙන් නිදහස ලබාගත්තෝය.


    සියවස් ගණනාවක් මෙරට පාලන තන්ත්‍රය යටත්විජිතකරණයෙන් හෙම්බත්ව සිට නිදහස ලැබීමෙන් පසු මහා පරිවර්තනයකට බදුන් විය. එළෙස ලද නිදහසෙන් පසු යළිත් අප රටෙහි උතුරුකරයේ ජාතිවාදී ගිනි කෙළි ඇවිළෙමින් එල් ටී ටී ඊ ය ප්‍රමුඛ කරගත් මහා දරුණු ත්‍රස්තවාදයක් නිර්මාණය විය. තිස් වසරකට අධික කාලයක් ම්ලේච්ඡත්වයේ උපරිමයට යමින් රටපුරා වෙඩි වරුසා, බෝම්භ ප්‍රහාර දියත් කරමින් සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ රුධිර ගංගා වගුරුවන්නට තරම් එම දරුණු ත්‍රස්තවාදීන් ක්‍රෑර විය.

    ඊළාම් සිහිනය වෙනුවෙන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ඝාතනය කළ ම්ලේච්ඡ ඒල් ටී ටී ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගන්නේ මීට ඒකොළොස් වසරකට පෙර 2009 වසරේ මැයි 18 වන දින අපගේ වීරෝධාර හමුදාවට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එඩිතර මගපෙන්වීම සහ නොසැලෙන නායකත්වය මනා පිටුවහලක් විය.

    එම විජයග්‍රහණයට මේ වන විට එකොලොස් වසරක් ගතව ඇත.. බටහිර යටත්විජිතකරණයෙන් ශ්‍රී ලාංකික ජනතාව නිදහස ලබා අදට වසර 73ක් සපිරෙයි.. අද දින සිහිකෙරෙනුයේ ඒ අභිමානවත් නිදහස් දින සැමරුමයි..

    ලොවම මුහුණපා ඇති අභියෝගාත්මක කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනූව මෙවර නිදහස් දින සමරු උත්සවය පැවැත් වෙන අතර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර ඇත.
    වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිධ හමුදා අචාර පෙළපාලිය පැවැත්වෙන බව විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. උළෙලට සහභාගී වන සෑම භටයෙක්ම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානයට ගෙන ඒමට නියමිතය.
    ඒ අනූව අද දින නිදහස් දින උළෙලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ
    හමුදා ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර යුධ හමුදා භට පිරිස් 3153ක්, නාවික හමුදා භට පිරිස් 821ක්, ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් 457ක් වශයෙන් භට පිරිස් සහභාගී වේ.අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340කගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනය පැවැත්වීමෙන් අනතුරුව නිදහස් දින සමරු උළෙල නිමාවට පත් වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya