අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුරයක් - ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ලෙස අක්කර 41 ක්

    පෙබරවාරි 03, 2021

    පොළොන්නරුව දිඹුලාගල- වැලිකන්ද ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් සහ පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර සාකච්ජාවක් අද (03) කොල්ලුපිටිය කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.

    පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ලෙස අක්කර 41 ක් යොදාගැනීමට නියමිතය. කර්මාන්තපුරයේ පවතින ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිලිබදව වැඩිදුරටත් මෙහිදී සාකච්ජා කෙරිණි.

    කර්මාන්තරුවන්ගේ ඉල්ලීම් අනුව කඩිනමින් එම කර්මාන්තපුරය පුළුල් කරමින් දේශීය කර්මාන්තරුවන්ගේ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස සහ ඊට සමගාමීව පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂක වින්දික පියරතන, පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම්, දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya