මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් නිදහස් උත්සවයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම්

    පෙබරවාරි 03, 2021

    අභිමානවත් සහ චාම් අයුරින් 73 වන නිදහස් දින සමරු උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.

    හෙට(4) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ.

    සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය මෙවර නිදහස් දින සමරු උත්සවය පැවැත් වෙන අතර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර තිබේ.‍ වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද හමුදා අචාර පෙළපාලිය පැවැත්වෙන බව විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. උළෙලට සහභාගී වන සෑම භටයෙක්ම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානයට ගෙන ඒමට නියමිතය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර යුධ හමුදා භට පිරිස් 3153ක්, නාවික හමුදා භට පිරිස් 821ක්, ගුවන් හමුදා භට පිරිස් 742ක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලිස් භට පිරිස් 510ක් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් 457ක් වශයෙන් භට පිරිස් සහභාගී වේ.අනතුරුව නර්තන සහ වාදන ශිල්පීන් 340කගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනය පැවැත්වීමෙන් අනතුරුව නිදහස් දින සමරු උළෙල නිමාවට පත් වේ.

     

    නිදහස් දින පෙරහුරු පැවැත්වීම හේතුවෙන් අද සහ හෙට දිනයන්හිදී ඇතැම් මාර්ග වසා දැමීමට නියමිතය.නිදහස්‍ දිනට සමගාමීව පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ රාත්‍රියේදී නිදහස් මන්දිරයේදී පැවැත් විණි. මහාමාන්‍ය ඩී.එස් සේනානායක ගුණ සමරු උත්සවයද හින්දු මුස්ලිම් සහ කතෝලික ආගමික වතාවත් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. මීට අමතරව නිදහස් දිනයට සමගාමීව රට පුරා විවිධ පිංකම් සහ රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya