මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉවතලන කෙසෙල් බඩ, අලිමාන ශාක භාවිතයෙන් පරිසර හිතකාමි නිෂ්පාදන ඇරඹීමට සැලසුම්

    පෙබරවාරි 03, 2021

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වනු නෙළාගැනීමෙන් පසු අපතේ යන ද්‍රව්‍ය ඇසුරින් නව නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන පදනම මැදිහත් වී ඇත.

    “සෞභාගයේ දැක්ම” ජාතික වැඩසටහන අනුව, කාර්මික ක්ෂේත්‍රයේ දැනට සිදුවන අමුද්‍රව්‍ය භාවිත කර භාණ්ඩ නිෂ්පාදනය කර අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන රේඛිය ආර්ථික
    ක්‍රම ( Liner Economy ) වෙනුවට එක් කර්මාන්තයක අපද්‍රව්‍ය අනෙක් කර්මාන්තයෙහි අමුද්‍රව්‍යක් ලෙස යොදා ගත හැකි වෘත්ත චක්‍රිය ආර්ථික (Circular Economy) ක්‍රමවේදයක් ගොඩනැගීමට පියවර ගනුලැබේ.

    එමගින් පරිසර හිතකාමි කාර්මික කළාප ( Eco Economy Zone ) බිහි කොට හරිත ආර්ථිකයක් බිහිකිරීම නව රජයේ අරමුණයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වනු නෙළාගැනීමෙන් පසු අපතේ යන ද්‍රව්‍ය ඇසුරින් නව නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන පදනම මැදිහත් වී ඇත.

    අපතේ යන කෙසෙල්බඩ, අලිමාන ශාකවලින් නව නිෂ්පාදන කිහිපයක් බිහි කිරීමට ධම්මික රත්නසිරි මහතාගේ මගපෙන්වීම අනුව වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙමින් පවතී. ලිපි කවර, විවිධ ත්‍යාග භාණ්ඩ ආවරණ හා ත්‍යාග භාණ්ඩ බහාලුම් පත්‍ර නිෂ්පාදනය කිරිම මේවන විට ආරම්භ කර ඇති අතර ඉදිරියේදි රාජ්‍ය අංශයේ සහයෝගය මත මෙම දේශිය නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඒ හා අදාළ නවීන යන්ත්‍ර සුත්‍ර මිලදි ගැනීම පිළිබඳව සාකච්ඡාවක් ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් එම නිෂ්පාදකයන් සමග පවත්වන ලදී.
    ඉදිරියේදි ජපන් ජබර, බඩ ඉරිඟු පොතු හා කොළ මගින් නව නිෂ්පාදන ආරම්භ කිරීමට අදහස් කර තිබේ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya