අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් ගැන එල්ල කරන චෝදනාවලට අවශ්‍ය වේලාවේදී පිළිතුරු දෙනවා- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    පෙබරවාරි 02, 2021

     මානව හිමිකම් කඩ කළ බවට  ශ්‍රි ලංකාවට එල්ල කරන චෝදනාවලට ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල මහතා පවසයි.

    අද (02) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හුමවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,ජනමාධ්‍යවේදින් විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට රජයට එල්ල වන
    චෝදනා පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    2010 හා 2015 යුගයේ මුලික වශයෙන් යුද අපරාධ ස්මබන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එවකට අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිළි ව ඉදිරිපත් කළ බවත්,ඉන් අපි අතර
    එකඟතා ගණනාවක් ඇති වු බවත්,අවාසනාවට 2015 ආණ්ඩු වෙනත් එක්ක එවකට සිටි විදේශ ඇමති විසින් 30/1 යන යෝජනාව සම අනුග්‍රහයත් සමඟ අපි වැරදි කළා යැයි යොජනාව ඉදිරිපත් කිරිමත් සමඟ ඇති වු ප්‍රතිඵලය තමයි තාමත් භුක්ති විදින්නේ.

    එවකට යහපාලන රජයේ සිටි තිලක් මාරපන ඇමතිවරයා තම කතාවේ දී ප්‍රකාශ කළේ, මෙම යොජනාව රටේ ව්‍යාවස්ථාවට පවා පටහැනි බවයි. එසේම නැවත පත් වු අපේ
    රජයේ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා, ඉන් අපි ඉවත් වන බව. එසේ වුවද මෙම සැසි වාරයේ දි අපි නිවැරදි බව සවිස්තරව ඉදිරිපිත් කිරීමට
    බලාපොරොත්තු වන බවත්, මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පදනමක් හා කරුණු කාරණා එක්ව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya