අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන, බලාපචාර හා ළමා වැරදිකරුවන් සම්බන්ධයෙන් යෝජනා ලබාදීමට කමිටු 05ක්

    පෙබරවාරි 02, 2021

    ළමා අපයෝජන, බලාපචාර හා ළමා වැරදිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ළමාරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් කමිටු 05ක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    ළමා අපයෝජන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ නිල වෙබ් අඩවිය (news.lk) විසින් කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.

    ඒ අනුව මෙම කමිටු 05 විසින් ළමා අපයෝජන, ළමා අපචාර හා ළමා වැරදිකරුවන් සම්බන්ධයෙන් එම ක්‍රියා මැඩලීම, පොලිස් ක්‍රියාකාරිත්වය, හා නීතිය ක්‍රියාත්මක කිරීම හා නව නීති සම්පාදනය සම්බන්ධයෙන් යෝජනා ලබාදීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya