අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම සතිය තුළ ඉන්දියාවෙන් ගෙන්වන කොවිඩ් මර්දන එන්නත රටට ලැබෙනවා

    ජනවාරි 26, 2021

    මෙම සතිය තුළ ඉන්දියාවෙන් ගෙන්වන කොවිඩ් මර්දන එන්නත රටට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය එන්නත්කරණය ඇරඹීමට සූදානමින් සිටින බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලනකටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පැවසුවේ කොවිඩ් 19 එන්නත්කරණය හා සැලසුම් සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජනාධිපතිතුමන්ගේ සෘජු මැදිහත්වීම යටතේ ඉන්දියානු රජයෙන් ඔක්ස්ෆර්ඩ් ඇක්සලිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලබාදීමට කටයුතු කර ඇති බවත්, එන්නත ලැබුණු වහාම ඊළග දිනයේ සිට එන්නත්කරණය ඇරඹීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය. පසුගිය සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණය යටතේ ස්ථාන 03ක පෙරහුරු පවත්වමින් අපට ඇති ශක්තීන් සහ එන්නත්කරණයේදී ඇතිවිය හැකි ගැටලු හදුනාගැනීමක් සිදුකළ බවද ඇය වැඩිදුරටත් කියාසිටියාය.

    මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය:

    කෝවිඩ් මර්දනයේදී ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත ඉතාමත් සාර්ථක එන්නතක්. මුළු ලෝකයේම එන්නත්කරණයේ සාර්ථක ක්‍රමයක් ලෙස මෙම එන්නත්කරණය
    හදුනාගෙන තිබෙනවා. මේ එන්නත හරහා සෞඛ්‍යයට තියෙන බර අඩුකරගන්න පුළුවන්.

    මෙම එන්නත හරහා කොවිඩ් වෛරසයට විරුද්ධව අවශ්‍ය කරන ප්‍රතිදේහ ඇගේ නිෂ්පාදනය වෙලා ඒ තුළින් ඉතාමත්ම උග්‍ර තත්ත්වයේ ආසාදනයන් අමව කිරීමට කටයුතු කරන බව විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා රටේ ජනතාවට මේ වැදගත් පණිවිඩය ලබාදීමට ලැබීම.

    එන්නත්කරණය ඇරඹීමට ප්‍රමුඛතා කණ්ඩායම් හදුනාගෙන තිබෙනවා. පළමු වටයේ මාත්‍රා ලක්ෂ 06ක් එනකොට අපි හදුනාගෙන තියෙනවා කොවිඩ් මර්දනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනාත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ආදී ලක්ෂ තුනකට ආසන්න පිරිසක් සිටිනවා. පළමු මාත්‍රාව ලබාදී සති තුනකින් දෙවනි මාත්‍රාව ලබාදීමට කටයුතු කරනවා. ඒ අතර කෝ වැක්ස් පහසුකම හරහා 20%ක එන්නත් නොමිලේ ලැබීමට නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදීගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කර ඇති ලයිස්තුව අනූව එම එන්නත ලබාදීමට මේ වන විට රජය සැදී පැහැදී ඉන්නවා.

    මෙය ඉතාමත් සුභවාදී අවස්ථාවක්. 2021 වසර තුළ ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් මර්දනය කිරීමේදී මේ එන්නත්කරණය ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරන බව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා කෝවිඩ් මර්දනයේදී මාධ්‍ය ලබාදුන් සහයෝගය ඒ ආකාරයටම එන්නත්කරණය පිළිබදව ජනතාව දැනුවත් කරලා මෙම එන්නත ලබාගැනීමේ වැදගත්කම පිළිබදව නිවැරදි පණිවිඩය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya