අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු රුස් කිරීමට නව මෘදුකාංගයක්

    ජනවාරි 26, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ දත්ත හා තොරතුරු ඒකරාශී කරලීම උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් හදුන්වා දීම (25) දින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී සිදුවිය.


    මේ වන විට 10,000 කට අධික පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රෝගීන් සුවපත් කිරීමෙහි ලා නිරතව සිටින අතර, ඔවුන්ගේ තොරතුරු නිරන්තර යාවත්කාලීන කරලීමේ අරමුණෙන් මෙම මෘදුකාංගය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව NDH ආයතන ප්‍රධානී සංජීව ධර්මවර්ධන මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලය විසින් නොමිලේ නිර්මාණය කරදී තිබේ.

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නවීනත්වයට ගැලපෙන තාක්ෂණය භාවිතය තුළින් දේශීය වෛද්‍යවරයා දේශීය මෙන්ම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමෙන් වඩා ඵලදායී සේවාවක් ජනතාව වෙත ලබාදීමට හැකියාව උදාවෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya