අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන් ඇතුළත් කර ගැනීමේ කිසිදු වෙනසක් සිදුකර නෑ - අධ්‍යාපන ලේකම්

    ජනවාරි 22, 2021

     5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේකිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිලපෙරේරා මහතා පැවසී ය.

    ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/01/22 වැනි දින අමාත්‍යංශයේපැවති සාකච්ඡාවකට එක් වෙමිනි.පසුගියදිනවල දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණවල පවා නියුතු වූ බවත් ඒපිළිබඳ රජය අවධානය යොමු කර තිබෙන බව ත් සිසු දරු දැරියන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ද ඔහු පැවසී ය.

     

    ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණුප්‍රමාණයක් ලබා ගත්ත ද 2017 සිට 2021  දක්වා වසර 05ක් තුළපාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බව ද වැඩිදුරටත්පැවසී ය.

    එමෙන්ම කිසිදු ආකාරයකින් පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණයඅඩු කිරීමට තීරණයක් ගෙන නොමැති අතර 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බාලක බාලිකාමිශ්‍ර සහ 6-13 බාලක,බාලිකා සහ මිශ්‍ර පාසල්වල හෝ එවැනි වෙනසක් සිදු කිරීමට අපේක්ෂානොකරන බව ද පැවසී ය.

     

    ඒ පිළිබඳ සියලු තොරතුරු අමාත්‍යංශ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ්අඩවියෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි බව ද අවධාරණය කළේ ය.එසේම අභියාචනා ඉදිරිපත් කිරීම පෙබරවාරි 15වැනි දින සිට සිදුකිරීමට මාසයක කාලයක් අවස්ථාව සලසා තිබෙන බව ද පැවසී ය. මාධ්‍ය ඒකකයඅධ්‍යාපන අමාත්‍යාංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya