අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කෙරේ

    ජනවාරි 22, 2021

    රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් එනම් 2021මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා පවසයි.

    නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) තවත් මාස 03 ක කාලයක් දීර්ඝ කර ඇත. එනම් මින්පෙර 2020 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබූ රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමේ කාලය 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත. මෙහිදී උදා:- 2021 මාර්තු 31 දිනට රියදුරු බලපත්‍රයේ කාලය ඉකුත් වන බලපත්‍ර ලාභීන්ට තමන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමේ කාලය එදින සිට තවත් මාස 03ක කාලයක් ඉදිරියට හිමිවනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya