පෙබරවාරි 26, 2021
tami eng youtube  twitter facebook

    මෙවර කහ අස්වැන්නෙන් රටේ කහ අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑපහක් සම්පූර්ණ කිරීමට හැකියාව - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    ජනවාරි 22, 2021

    මෙම වසරේ ලැබීමට නියමිත කහ අස්වැන්නෙන් රටේ කහ අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑපහක් සම්පූර්ණ කිරීමට හැකියාව තිබෙන බවත්, ලබන වසරේදී එය සියයට අනූවකට අධික ප්‍රමාණයක් කරගත හැකි බවත්, එය රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ නිල වෙබ් අඩවිය(news.lk) විසින් කළ විමසුමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මෙරටේදී නිෂ්පාදනය කර මෙරටට ආදායමක් ලැබිය හැකි කහ භෝගය විදේශ රටවලින් ගෙනඒමට ඇති තහනම තවදුරටත් ගෙනයන බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    එමෙන්ම මේ වන විට අගය එකතු කිරීමේ නිෂ්පාදන කර්මාන්ත පුරවරයක් ඇති කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යන බවත්, එයට අදාළ කර්මාන්තශාලා මේ මස පෙබරවාරියේදී පටන් ගැනීමට නියමිත බවත්, මේ වන විට ගම්මිරිස් සඳහා අගය එකතුකිරීමේ නිෂ්පාදන සිදු කරන පෞද්ගලික කර්මාන්තශාලාවක් රජයේ ආධාර සහිතව මහරගම ප්‍රදේශයේ පටන් ගෙන ඇති බවත්, රමේෂ් පතිරණ මහතා පැවසීය.
    මේ වන විට භූගෝලීය දර්ශක අගය මෙරට නිෂ්පාදනවලට ලබාගැනීමේ කාර්යයේ වත්මන් තත්වය කෙසේ දැයි කළ විමසීමට අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙන බවත්, මෙරට කුරුඳු සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මැඩගස්කරයෙන් එල්ලවී ඇති බවත්, එය සමනය කරගෙන ඉදිරි කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya