අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළට පුස්තකාලයක්

    ජනවාරි 22, 2021

    සුමංගල පරපුරේ දැනුම පෝෂණය කිරීම උදෙසා වාරියපොළ ආසනයේ පුස්තකාල දහයක් ස්ථාපිත කර ඇත. 


    විවිධ ගොඩනැගිලි තුල අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන යන මෙම පුස්තකාල සදහා ස්ථිර ගොඩනැගිලි ලබා දීමට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් මහතාගේ උපදෙස් මත වාරියපොළ ප්‍රාදේශීය සභාව පියවර ගනිමින් සිටි.

    ඒ යටතේ වාරියපොළ කනෝටුව ග්‍රාමයේ රු ලක්ෂ 45 ක් වැය කර ඉදි කළ නව පුස්තකාල ගොඩනැගිල්ල රජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. 
    මෙම උත්සවයේ පැමිණි සිටි පිරිස අමතා අමාත්‍යවරයා පවසා සිටියේ අප දේශය 1948 නිදහස ලැබූ දා පටන් මේ දක්වා ම අනෙකුත්  දියුණු රාජ්‍යයන්  හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසයි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    ඒ නිසා මේ කියමනට නැවතීමේ තිත තබන්නට අප සැමදෙනාගේම උත්සාහය හා කැපවීම අවශ්‍ය යි. භෞතික සම්පත් හා තාක්ෂණික අතින් වර්තමානය වන විට අප තරමක් දුරට සාර්ථකත්වයක් ලබා ඇති අතර මානව දයාව මෙන් ම දැනුම පෝෂණය කරලීම අතින් අප ජනතාව තවමත් ඉබි ගමනේ තමයි ගමන් කරන්නේ. මේ වන විට ලෝකය ම එක යායක් සංකල්පයට අනුගත වෙලා. අපගේ නාගරික ජනතාව එයට අනුගත වී සිටියත් අප වැනි ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ඒ කරා යන්න හැකියාව අඩු වී තියෙනවා. මොකද ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක ගේ දැනුම හා ආකල්ප තවමත් දියුණු තත්වයකට පත්ව නැති නිසා. මේ හේතුව නිසාම අප වාරියපොළ ආසනය පුරා අනාගත දුවා දරුවන්ට හා තරුණ තරුණියන්ට දැනුමේ පිපාසය ලබාදීම සදහා පුස්තකාල කිහිපයක් ආරම්භ කර තියෙනවා. මේ සදහා වාරියපොල ප්‍රදේශය සභා සභාපති හා එහි මන්ත්‍රීවරුන්ගෙන් උනන්දුව හා කැපවීම අප අගයන්න ඕනේ. මෙමගින් අප උත්සහ කරන්නේ අනාගත දුවා දරුවන්ගේ දැනුම ලබා දීම තුලින් ඔවුන්ගේ සිහින මල් පල ගැන්වීමටයි. එමගින් විනය ගරුක සමාජයට යහපත් වූ  දරුවන් පරපුරක් බිහි කිරීම අපගේ අරමුණයි.

    මෙම අවස්ථාව සදහා වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති සහ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශයේ ජනතාව පැමිණ සහභාගී විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya