මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින් රැසක් ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට - තවත් ගුවන් යානා රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින්

    ජනවාරි 21, 2021

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අද තෙක් වසා තිබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුර්ණ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරකයින්ට අද (21) විවෘත කරමින් මෙරටට පැමිණෙන අවස්ථාව සාර්ථකව ආරම්භ කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අලෙවි කළමනාකරණ හා ආයතන සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසීය.

    මෙරටට ළඟා වූ පළමු වාණිජ ගුවන් යානය ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් මගීන් 49 දෙනෙකු රැගෙන පෙ.ව.7.40ට ගුවන් තොටුපොළ වෙත ළඟා විය, පැමිණි ගුවන් මගීන් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රැගෙන යාමට පියවර ගත් බවත් පැවසීය.

    ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ලාංකික මගීන් 24ක් මාලදිවයින වෙත රැගෙන පිටත් වූ අතර, ඉදිරි පැය කිහිපය තුළ මාලදිවයින,කරච්චි,ලාහෝර්,බහරේන් යන රටවල් වලින් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානා මගින්(Sri Lankan Airways) මගීන් රැගෙන ඒමට නියමිත බවත්,තායිලන්ත ගුවන් සමාගමට අයත් ගුවන් යානා (Thai Airways) හරහා බැංකොක් සහ ඩුබායි රාජ්‍යයන්ගෙන්ද ලංකාවට මගීන් පැමිණීමට නියමිත බවත් ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya