අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කුරුන්ද” පුරාවිද්‍යා භූමියෙහි කැණීම් කටයුතු ඇරඹෙයි

    ජනවාරි 21, 2021

    මුලතිව් තන්නිමුරුක්කු නාගචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇති අට්ඨකතාවන්හි හා වංශකතාවන්හි සඳහන් වන පරිදි “කුරුන්දක”, “කුරුන්ද” යන පුරාවිද්‍යා භූමියෙහි කැණීම් කටයුතු ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතගේ සහ රාජ්‍ය නිලධාරිහූ පිරිසකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.


    දැනට සොයාගත් සාක්ෂි සාධක අනුව මෙම ස්ථානය පබ්බත විහාර වර්ගයට අයත් විහාරස්ථානයක් බවත්, ක්‍රි.ව.දෙවන සියවසේ දී පමණ ඉදි කර ඇති බවත්, දඹදෙණි යුගය දක්වාම ඉතා දියුණු ලෙස මෙම ස්ථානය පැවැති බවත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් අනුර මනතුංග මහතා සඳහන් කරයි.
    ගරා වැටුණු චෛත්‍යයක නටඹුන්,විහාර සංකීර්ණයක නටඹුන්,කොරවක් ගලක්,පොළොන්නරු යුගයේ යැයි සැලකිය හැකි සඳකඩපහණක් ගල් කනු ආදීය මෙම ප්‍රදේශය පුරා විසිර තිබේ.
    නිදන් සොරුන් විසින් චෛත්‍යයෙහි ඝර්භය සහ පුරා විද්‍යා නටඹුන් අසළ විශාල වලවල් හරා විනාශ කර තිබේ. ඛල්ලාටනාග රජු (ක්‍රි.ව 100-103) කාලයෙහි “කුරුඥ” පාසක නම් විහාරස්ථානය මෙම ස්ථානයේ ගොඩනැඟු බවත්,පළමුවන අග්බෝ රජු (ක්‍රි.ව 571-604) සමයෙහි කුරුන්දක විහාරස්ථානය පිළිසකර කර කුරුන්ද වාපි නමින් වැවක් ද පොල් උයනක් ද කරවූ බව වංශකතාවන්හි සඳහන් වේ.
    එසේම පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව 1055-1110) සමයෙහි මෙම විහාරස්ථානය සඳහා විවිධ අනුග්‍රහයන් දැක්වූ බව ද මහාවංශයේ සඳහන් වේ. මෙම ස්ථානයේ කැනීම් කටයුතු කඩිනමින් අවසන් කර බැතිමතුන්හට වැඳපුදා ගැනීමට කටයුතු කරන බව පුරාවිද්‍යා නිලධාරිහූ එහිදී සඳහන් කළහ. ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරා විද්‍යාඥ ගාමිණි අධිකාරී,ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක, යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළහ. මෙම අවස්ථාව සඳහා බුද්ධ සාශන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) චම්පිකා කනේරු,591 බලසේනාධිපති කර්නල් සුජීව පෙරේරා, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, යන මහත්මහත්මින් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya