මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස් දෙයි

    ජනවාරි 21, 2021

    ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ධීවර වරාය නීතිගත සංස්ථාවේ වරායන් සදහා පහසුකම් සපයන්නා සේම එම වරායන් ගෙන් සේවාවන් ලබා ගන්නා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාව හට ඔවුන්ගේ ඉල්ලීම මත CCTV ආරක්ෂණ කැමරා වරාය භූමියෙහි සවි කිරීමේ කටයුතු මේ වන විට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත සිදු වෙමින් පවතී.


    මේ වන විට ඒ යටතේ වාලච්චේන ධීවර වරායේ ආරක්ෂාව වෙනුවෙන් CCTV ආරක්ෂණ කැමරා සවි කර අවසන් කර ඇති අතර පුරාණවැල්ල ධීවර වරායේද එම කටයුතු සිදු කරමින් පවතී. පලමු අදියර යටතේ වාලච්චේන, පුරාණවැල්ල, මිරිස්ස, ගාල්ල සහ කොඩ්බේ යන ධීවර වරයන් 5 සදහා මෙම කටයුතු සිදු කරන අතර, ඒ හා සමගම අනෙකුත් සියලුම ධීවර වරායන් සදහාද CCTV ආරක්ෂණ කැමරා සවි කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන ලෙස ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දී ඇත.
    ධීවර කර්මාන්තයේ යෙදෙන සහෝදර ජනතාවගේ බෝට්ටු වල සවි කර ඇති මෝටර් සොරා ගැනීම්, ඔවුන්ගේ දැල් සොරා ගැනීම් ඇතුලු තවත් එහි සිදු වන අක්‍රමිකතා රැසක් හේතුවෙන් මෙම CCTV ව්‍යාපෘතිය සිදු කරන අතර මින් වරායන් සියල්ලේම ආරක්ෂාවට විශාල පිටුවහලක් වේ යැයි ධීවර ජනතාව පවසයි.
    මෙම ව්‍යාපෘතිය මගින්, වරාය භූමියේ ප්‍රධානදොරටුව, පාලම්තරාදි, ඉන්ධනහල්, දැල් ශාලා, මත්ස්‍යවෙලද ශාලා, ජැටිය, බෝට්ටු අළුත් වැඩියාව සිදු කරන ස්ථාන ආදී වරාය තුල වැදගත්, ආරක්ෂාව තර කල යුතු ස්ථාන වල මෙම කැමරා සවි කරනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya