අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මසුන් කර්මාන්තය හරහා විදේශ විනිමය දෙගුණයක් කිරීමට පියවර

    ජනවාරි 14, 2021

    මෙරට විසිතුරු මසුන් කර්මාන්තය හරහා විදේශ විනිමය ඩොලර් මිලියන 20ක් පමණ උපයන බවත් ඉදිරියේදී එළඹෙන අවුරුදු පහක කාලය තුළ එම ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගැනීමට කටයුතු කරන බවත්, ඒ සදහා අවශ්‍ය සියළුම පහසුකම් ලබාදීමට රජය සූදානම් බවත්, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

     කංචන විජේසේකර මහතා පසුගියදා කුරුණෑගල මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයයේ නිරික්ෂණය චාරිකාවක නිරත වූ අතර එහිදී මාධ්‍යට අදහස්දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
    එමෙන්ම මෙම වසරේ අයවැය තුළින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බවත්, එමෙන්ම නව ව්‍යවසායකයන් මෙම ක්ෂේත්‍රයට එකතු කරගැනීමට රජය අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

    මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya