අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුභාශිංසන පණිවිඩය- තෛයිපොංගල් උත්සවය

    ජනවාරි 14, 2021

    ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටිනි.

     

    හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය “තෛ” යනුවෙන් හැදින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් වේ.
    කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුලු ස්වභාවධර්මය දුන් ශක්තියට කෘතගුණ සැළකීම මුල් කරගෙන නව වසරේ උදාව සමරනු ලබන තෛපොංගල් දින උත්සවය ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් දිනයකි.
    වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යොදා පිසින පොංගල් කිරිබත හා මංගල ද්‍රව්‍යක් ලෙස කහ පිඩක් ද භක්ති පූර්වකව හිරු දෙවියන් වෙත පුදා නමස්කාර කිරීම අද දිනයේ විශේෂත්වයකි.
    ස්වභාව ධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම, කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානුෂීය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙයි.
    ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමානය.
    අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටියි.
    ඒ නිසා මෙවර තෛයිපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ වෙසෙන සහ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික දමිළ ජනතාව ඇතුලු ලොව පුරා දමිළ ජනතාවට නැවුම් බලාපොරොත්තු සහිතව බැතියෙන් සැමරිය හැකිය.
    ස්භාවධර්මයට මෙන්ම එකිනෙකාට කෘතගුණ සළකන සමාජයක් තුළින් ආගමික හා සංස්කෘතික වශයෙන් උසස් සංහිදියාවක් නිතැතින් ඇති වේ.
    නව වසරේ උදාව සමරන සියලුම දමිළ ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛයිපොංගල් දින අර්ථයන් සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකිය.
    ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිදියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත් වනු දැකීම අප සැමගේ අපේක්ෂාවයි.
    තෛයිපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සියලු අනාගත අපේක්ෂාවන් ඉටුවන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා! යැයි මෙම ප්‍රීතිමත් දිනයේ මම සුබ ප්‍රාර්ථනා කරමි.

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya