මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට රැකියා කල ශ්‍රමිකයින්ට ස්වයං රැකියා දියුණුවට මුදල් ආධාර

    ජනවාරි 14, 2021

    විදේශ රැකියාවල නියුතුව සිට නැවත ශ්‍රී ලංකාවට පැමින ස්වයං රැකියාවල නියුතු විගමනික ශ්‍රමිකයන් බල ගැන්වීමේ අරමුණෙන් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා අංශ වැඩිදියුණු කර ගැනීම සඳහා රු1185265ක මුදලක් පිරිනැමිම පසුගියදා සිදුකරන්නට විය.

    ස්වයං රැකියාවල නියුතු ශ්‍රමිකයන් අතුරින් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවය කරන රැකියා ප්‍රවර්ධන නිලධාරින් මඟින් හදුනාගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නැගෙනහිර පලාත් කාර්යාලය විසින් නිර්දේශ කල ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශිය බල ප්‍රදේශයේ ස්වයං රැකියාවල නියුතු 54 දෙනෙකු සඳහා රු 25000කට නොඅඩු වටිනාකමින් යුතු “ප්‍රාග්ධන යෙදවුම්” වැඩිදියුණු කර ගැනිම සඳහා යෙදවීම වෙනුවෙන් නැවත අය කර නොගන්නා මුදලක් ලෙස මෙම ආධාර බෙදා දීමට කටයුතු කරන්නට විය.


    සෞභාග්‍යෙයේ දැක්මට අනුව දේශිය නිෂ්පාදන බලගැන්විම අරමුණු කරගෙන දියත්වන ඡාතික වැඩසටහනට සමගාමිව යමින් , නව කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාවසායකයින් ග්‍රාමියව නගා සිටුවිම අරමුණු කරගෙන විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරන අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමාගේ මාර්ගෝපදේශයෙන් රටේ දුශ්කර ප්‍රදේශවල විගමනිකයන් බලගැන්විම සඳහා ගත් අභිනව පියවර යටතේ නිෂ්පාදන හා සේවා ආයතන වැඩිදියුණු කර ගැනිමට අවශ්‍ය උපකරණ මිලදි ගැනිම සඳහා මෙම ආධාර පිරිනැමිම සිදුකරනු ලබයි.

    මෙමගින් විදේශ රැකියාවල නියුතුව සිට මව්බිමට පැමින , ඵලදායක ව්‍යාපාර කටයුතුවල යෙදෙන බලවත් ව්‍යාවසායක ඡාලයක් රට පුරා ශක්තිමත්ව ගොඩනැගිමට ඇමතිතුමන් මෙම ආධාර වැඩපිලිවෙල මඟින් පියවර ගනිමින් සිටි. සෞභාග්‍යයේ දැක්මට අනුව දේශිය ව්‍යාපාර නඟාසිටුවිමට ඡනාධිපති ගෝඨාභය රාඡපක්ෂ මැතිතුමාගේ මගපෙන්විමෙන් දියත්වන ඡාතික වැඩසටහනට අනුව විදේශගතව සිට පැමිනි මෙම ශ්‍රමිකයන් ඉදිරියට ගෙන තිරසර ජීවන පැවැත්මක් උරුමකර දීම මේ මගින් වේගවත් කරන අතර, ඔවුන් මඟින් දේශිය ව්‍යාපාර නගාසිටුවීම වේගවත් කිරිමට බලාපොරොත්තු වේ.


    කන්තලේ බල ප්‍රදේශයෙන් තෝරාගත් විගමනික ශ්‍රමිකයින්ට මෙලෙස ප්‍රාග්ධන ආධාර බෙදා දීමේ වැඩසටහන පසුගිය ඉරිදා , එනම් 10 වන දින කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති අතර එම උත්සව අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරන අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා සමඟ ත්‍රිකුනාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල අතුකෝරාල මැතිතුමා, කාර්යංශ සභාපති කමල් රත්වත්ත මහතා, ආමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා, කන්තලේ ප්‍රාදේශිය ලේකම් එන්.එම් උපේක්ෂා කුමාරි මිය, නියෝඡ්‍ය සාමාන්‍යාධිකාරි සමාඡ සුබසාධන තරංග හෙට්ටිආරච්චි මහතා නැගෙනහිර පලාත් ඡේෂ්ඨ කලමනාකරු එච්.එම් සුනිල් මහතා ඇතුලු කාර්යංශ නිලධාරින් සහභාගි විය. මෙම අවස්ථාවට විගමනික ශ්‍රමිකයන් සමඟ කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින්ද නිරෝධායන නීතියට අනුව සහභාගි විය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya