අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් පරිස්සමෙන් සමරන්න

    ජනවාරි 13, 2021

    කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් පරිස්සමෙන් සමරන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා.

     

    කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් උත්සවය පරිස්සමෙන් සමරන ලෙස හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා මහත්මිය ඊයේ දින මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය,

    මේ කාලය ඉතාම පරිස්සමෙන් ඉන්න ඕනේ කාලයක් දැනට අපිට තර්ජනයක් වී ඇති කොවිඩ් තර්ජනය නිසා. අපිට කොවිඩ් ප්‍රහ්නය දිගින් දිගටම තර්ජනයක් වී තිබෙනවා. මේ තර්ජනය නිසා උත්සව කාලයේ සුපරික්ෂාකාරීව ඉන්න ඕනේ.

    මේ කාලයේදී ගොඩ දෙනෙක් එකට එකතුවී කටයුතු කිරීම ඉතාම අවදානම් නිසා එක් කෝවිලකට බැතිමතුන් 25 දෙනෙකු ඉක්මවා නොයන ලෙස රැස් නොකිරීමට බලධාරීන් සහ ආගමික නායකයින් වගබලා ගත යුතුයි.

    තෛපොංගල් උත්සවය සැමරීමේදී නෑදෑ හිතවතුන් සමග එකතු වී ඉතා සමීපව සිටින කාලයක් වුවත්, ඉතාම කිට්ටු පවුලේ හිතවතුන්ට පමණක් සීමා කරමින් දුර බැහැර පළාත් වල සිටින නෑදෑයින් බලන්න යෑමෙන් වැළකී සිටිමින් සැමරිය යුතුයි.

    කොවිඩ් 19 තර්ජනය අපි අතර තිබෙන නිසා අපි නොහිතන විදියට වැළදෙන්න පුළුවන්. මේ නිසා මේ උත්සව සමයේ බොහොම සුපරික්ෂාකාරීව, පරිස්සමෙන් තමන්ගේ පවුල රැකගන්න.

    14 වෙනිදට යෙදී ඇති තෛපොංගල් උත්සවය අලුත් විදියට සුව තෛපොංගල් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya