මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල ඇරඹේ

    ජනවාරි 12, 2021

     • වියලි සම්බා වී 01kg ක් රු.52යි,වියලි නාඩු වී 01kg ක් රු.50 ක සහතික මිලක්

    • තෙත වී මිලදී ගැනීමටත් පහසුකම්
    • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය හා ගොවියා එකට බැදුණු වැඩපිළිවෙලක්
    • වී දැමීමේ ඇසුරුම් රජය මඟින් ගොවියාගේ අතටම
    • සමාරම්භය අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩල ගබඩා සංකීර්ණයෙන් 

    වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ කෙරෙනවා.අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි. මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම සිදු කරනු ලබනවා.පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මෙම වැඩපිළිවෙල තුළින් වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමට පියවර ගෙන ඇත.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.දිවයින පුරා සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගොවිජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට සියලු පියවර ගෙන ඇත.ඒත් සමඟම ගොවියන්ට වී ඇසුරුම් රජය මඟින් ඔවුන්ගේ අතටම ලබා දීමට පියවර ගෙන ඇත.සහල් හා වී මාෆියාව පරාජයට පත් කිරීමේ අරමුණෙන් මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක රජය සතු සංචිතයක් පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල මහ කන්නයේ අස්වනු නෙලීම් ආරම්භ කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් රජයේ වැඩපිළිවෙල හෙට මෙලෙස ආරම්භ කෙරේ.පළමු මිලදී ගැනීම අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී හෙට පස්වරු 3.30ට සිදු කිරීමට සැලසුම් කර ඇත.මෙවර මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 28ක් අපේක්ෂා කෙරෙන අතර,ඉන් ලක්ෂ 03ක් මෙලෙස රජයට මිලට ගනු ලබන්නේ.

    ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිතවයි.මිලට ගනු ලබන වී ගබඩා කිරීම සඳහා දිවයින පුරා ගබඩා පහසුකම් සූදානම් කොට ඇත.යුද හමුදාවේ ද සහය සහිතව සියලු ගබඩා නවීකරණය කරමින් පවතී.මෙවර මහ කන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැටඅට දහස් හාරසීයක් දිවයින පුරා වගා කොට ඇත.මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.ඒ අනුව සහල් හිඟයක් හෝ සහල් මාෆියාවන්ට අවශ්‍ය පරිදි මිල පාලනය කිරීම් කළ නොහැකි පරිදි මෙවර රජය ඊට පෙර සිටම සූදානම් වී සිටියි.මෙතෙක් වී මිලදී ගැනීමේදී අතරමැදියන් අතට පත්වූ මුදල් මෙවර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට ලබා දීමට පියවර ගෙන ඇත.එම නිලධාරීන් නොමැති ප්‍රදේශවල පමණක් වෙනත් විකල්ප තුළින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අවස්ථාව හිමි වේ.මෙවර මහ කන්නය මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.ලබන මස මුල සිට වී අස්වනු දිවයින පුරා ලැබෙන අතර, ඒ සඳහා සියල්ල සූදානම්ව පවතී.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya