අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහභාගීත්වයෙන් කුරුණෑගල මහරෝහලේ පී.සී.ආර් රසායනාගාරය ඇරඹෙයි

    ජනවාරි 11, 2021

     

     

    වයඹ පළාතට අඩුවක්ව පැවති පී.සී.ආර් රසායනාගාරයක අවශ්‍යතාව වෙනුවෙන් ස්ථාපිත කළ කුරුණෑගල මහ රෝහලේ පී.සී.ආර් රසායනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 10 දින විවෘත විය.

    රුපියල් ලක්ෂ 125කට ආසන්න මුදලක් මෙම රසායනාගාරය ස්ථාපිත කිරීමට වැයකර තිබේ.

    ඒ සඳහා රුපියල් ලක්ෂ පනස් හතරක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් නගර සභාවේ විමධ්‍යගත අරමුදලින් පිරිණමා තිබේ.

    රිදීගම රිදී විහාරයේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, ඇත්කද විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල හිමි අතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ වයඹ වෛද්‍ය පීඨය මුදල් හා උපකරණ පරිත්‍යාග කරමින් මෙම රසායනාගාරය ඉදිකර ඇත.

    ඊට අදාළ සියලු සම්බන්ධීකරණයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ඇතුළු කුරුණෑගල දිසාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එකමුතුව විසින් ඉටු කරන ලදී.

    ඒ අනුව අද පටන් මෙම රසායනාගාරයෙන් දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 700ක් පමණ සිදු කිරීමට නියමිතය.

    මෙම අවස්ථාවට සමගාමීව කුරුණෑගල හැන්ග්අවුට් අවන්හලේ පැවැති උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා සහභාගී විය.

    කුඹුක්ගැටේ ඵෙතිහාසික කසාගල රාජමහා විහාරවල විහාරාධිපති,ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මැල්සිරිපුර විමලරතන නාහිමි මෙහිදී පැමිණ සිටි පිරිස පංච සීලයෙහි පිහිට වූහ.

    කොළඹ රජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය ගල්ලැහැපිටියේ ප්‍රේමරතන නාහිමි මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ.

    පාදෙණිය පුරාණ රාජමහා විහාරාධිකාරී කුඹුක්ගැටේ බුද්ධි විසුද්ධි හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍යවරුන්වන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාදේවි වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහත්ම මහත්මීන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya