අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු කටයුතුවලට කිසිදු බාධාවක් නෑ- වේත්‍රධාරි

    ජනවාරි 10, 2021

    පුවත් නිවේදනය

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාධිත බවට තහවුරුවීමෙන් පසු,  2021 ජනවාරි මස පස් වැනි අගහරුවාදා දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණි මොහොතේ සිට ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සීසීටීවී දර්ශන මගින් හදුනා ගන්නා ලදී.

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ සහ කාර්‍ය මණඩලයේ කිහිප දෙනෙකු ද, ඒ අතර වේ. එම සමීපතමයන් සහ අදාල අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇත.

    08 වැනි සිකුරාදා කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් අතර වේ.
    ඔවුන් සම්බන්ධවද, එපරිද්දෙන්ම කටයුතු කර ඇත.

    අදාල ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇත. මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලැබේ.

     

    නරේන්ද්‍ර ප්‍රනාන්දු

    වේත්‍රධාරි

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya