අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් රටවල සිට පමිණි පිරිසක් අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර

    ජනවාරි 10, 2021

    විදෙස් රටවල සිට පමිණි පිරිසක් අද (10) නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනේ

    අද (10) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 24 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු, UL 226 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 68 දෙනෙකු, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 08 දෙනෙකු සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 50 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එසේම, අද (10) දිනය තුළ EK 650 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 70 දෙනෙකු, IFC 121 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 14 දෙනෙකු, AI 273 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 58 දෙනෙකු, UL 506 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 12 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 04 දෙනෙකු, UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 33 දෙනෙකු, TK 730 දරණ මගී ගුවන් යානය
    මගින් තුර්කියේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 17 දෙනෙකු සහ SQ 668 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 50 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya