අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමතුන්ට සරසවි අධ්‍යාපනයත් නිමවන තෙක් ශිෂ්‍යාධාර...

    ජනවාරි 10, 2021

    පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා වෙත ශිෂ්‍යාධාර පිරිනැමේ

     

     පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා (10) සහ බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවා වෙත, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    ඉගෙනීමෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් සැපයීමේ අරමුණින් පිහිටුවා ඇති සී එල් සිනර්ජි ( CL Synergy) ආයතනය මේ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලබයි. දක්ෂතා සහිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම සරසවි ප්‍රවේශය ලැබුවහොත් සරසවි අධ්‍යාපනය ද හමාර වනතුරු මාසික ව ශිෂ්‍යාධාර ලබාදීමට මෙම ආයතනය කටයුතු කරයි. දැනටමත් මෙම ආයතනය මගින් ඉගෙනීමෙහි සමත්කම් දක්වන දරුවන් පිරිසක් ශිෂ්‍යාධාර ප්‍රතිලාභ ලබමින් සිටින අතර පහ ශ්‍රේණි ශිෂ්‍යත්වයේ විශිෂ්ට සමතුන් වෙත එම ආයතනය විසින් මෙම ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරෙනුයේ ප්‍රථම වරටයි.

    මෙම ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන සෑම දරුවෙකුගේම කාර්ය සාධන ලිපි ගොනුවක් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අතර, දරුවා ඉගෙනුම ලබන පාසල, හා අධ්‍යාපන කලාපය සමඟ සම්බන්ධිකරණ කටයුතු පවත්වාගනිමින් දරුවා අත්පත් කරගන්නා ඉගෙනුම් ප්‍රවීනතාවන්, සහතික, සම්මාන, ජයග්‍රහණ සියල්ල පිළිබඳ එම ලිපිගොනුවෙහි තොරතුරු යාවත්කාලීන කෙරේ. CL Synergy ආයතනය එක් සිසුවෙකු වෙනුවෙන් මාසික ව රුපියල් 4500ක මුල්‍යාධාරයක් මේ යටතේ ලබාදෙන අතර එයින් රුපියල් පන්සියයක මුදලක් මාසිකව දරුවා නමින් ඇරඹෙන ගිණුමකට තැන්පත් කරනු ලැබේ.

    දක්ෂතා සහිත දරුවන් දිරිගැන්වීම වෙනුවෙන් සහ ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ශක්තියක් ලබාදීම වෙනුවෙන් මෙම ආයතනය විසින් ලබා දී ඇති සහයෝගය අතිශයින් ම අගය කරන බව ද ඒ වෙනුවෙන් තම කෘතවේදී ස්තුතිය පළ කරන බව ද මෙහි දී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ද , CL synergy ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya