අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලාංකිකයන් සදහා කොරියාවේ රැකියා දොරටු නැවත විවෘත කරන්නැයි විදෙස් ඇමති කොරියානු රජයෙන් ඉල්ලයි

    ජනවාරි 10, 2021

    ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජ⁣ය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත්  දා විදේශ අමාත්‍යාංශයේ දි පැවැත්විණ.

    ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජයේ හවුල්කාරිත්වය අගය කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය තුළ කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ශ්‍රී ලංකාවෙන් නව සේවකයින් බඳවා ගැනීම නැවත ආරම්භ කිරීම සඳහා කොරියානු රජයේ සහාය ඉල්ලා සිටියේය. වසංගත තත්ත්වය විසින් එල්ල කරන ලද අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සිට කොරියාව වෙත යන රැකියාලාභීන්ගේ ප්‍රවාහය කඩිනමින් නැවත ආරම්භ කිරීමේ අරමුණින් යුතුව, කොරියානු බලධාරීන් සමඟ සහයෝගයෙන් සෞඛ්‍ය හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

    කොරියානු ජනරජයේ සමාජ ආර්ථික සංවර්ධනයට ශ්‍රී ලාංකික සේවකයින් විසින් විශාල දායකත්වයක් ලබා දී ඇති බව සඳහන් කළ තානාපති ජියොන්ග් මැතිතුමා, අභියෝග ජය ගැනීමට සහ විදේශ රැකියා ක්ෂේත්‍රයේ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

    විදේශ රැකියා ප්‍රවර්ධනය හා වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya