අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්-ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

    ජනවාරි 09, 2021

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) රාත්‍රීකාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

    සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya