අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසරේදී ග්‍රාමීය ආර්ථිකය නැංවීමට ස්වයං රැකියා අවස්ථා 200000ක්

    දෙසැම්බර් 30, 2020


    • ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙදපොළ අවස්ථා 25000ක්.....
    • සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමණාකරුවන්ට සහ සමෘද්ධි නිලධාරීන්ට........

    - ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාදන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

    ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන් ජීවනෝපාය මාර්ග වෙත යොමුකිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමණාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
    (28) අරලියගහ මන්දිරයේදී සමෘද්ධි කළමණාකරුවන් සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
    ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාන්තා ව්‍යවසායකයින් තෝරා ගෙන , ව්‍යපාර පවත්වා ගෙන යාමේ පුහුණුව සහ පහසුකම් සලසා දී ග්‍රාමීය කාන්තාව බලගැන්වීමටත් තරුණ විරැකියා ගැටලුවට විසදුම් ලබා දීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. කෘෂිකර්ම, සත්ව පාලන, ධීවර, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ගෘහ ආශ්‍රීත කර්මාන්ත, ආදී ස්වයං රැකියාමය අවස්ථා 200000 සඳහා මෙලෙස පහසුකම් සැලසීම සඳහා රජය අපේක්ෂා කරයි. මෙම වැඩපිළිවෙළ හරහා බිහිවන ග්‍රාමීය නිපැයුම් සඳහා අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කිරීම කෙරෙහිද අයවැයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් නව වෙළෙඳසැල් 25000ක් ඇරඹීමටද නියමිතයි.
    මේ නිසා දිවයිනම ආවරණය වන ශක්තිමත්ම දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වගකීමක් පැවරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

     

    සමෘද්ධිලාභීන් සහ ඔවුන්ගේ පවුල් ගොඩනැංවීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට මසකට බිලියනයක් පමණ වැය වෙයි. විරැකියාවෙන් පෙළෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට යොමුකර, ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමඟ එක්වෙමින් කටයුතු කරන ලෙසද ඒ මහතා සමෘද්ධි කළමණාකරුවන්ට උපදෙස් දුන්නේය.
    රජය අපේක්ෂා කරන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කාන්තා ව්‍යවසායකයින් ඇති කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මගපෙන්වීම මෙන්ම විරැකියාවෙන් පෙලෙන ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා සුදුසු ජීවනෝපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද එහිදි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
    මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, සීතා අරඹේපොළ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya